2024.09.03 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.16
රාහු කාලය - සවස 03.12 - 04.44
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි.

වෘෂභ

විශේෂ කෙනකුගේ උපකාරයක් හිමි කරයි. තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

පොත් පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. අලුත් දේ ඉගෙනීමට පෙළඹෙන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. අවිවේකී දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. හදිසි උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

සිංහ

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. මිහිරි ආහාර පාන කෑමට හිමිවන දිනයකි.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදු කරන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩුකරන බවක් පෙනේ.

ධනු

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. දුරදිග සිතා බලා කටයුතු කරන්න.

මකර

වගකීම් බහුල කරයි. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. සෙම් අමාරුවක් හෝ පෙනහළු ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථකවන බවක් පෙනේ. උරහිස සම්බන්ධ ආබාධයකින් හෝ උගුර ආශි‍්‍රත ආබාධයක් නිසා පීඩා විඳින බවක් පෙනේ. හදිසි ප්‍රතිකාර පතන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.