2024.08.23 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.22

රාහු කාලය - උදේ 10.40 - 12.13

සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරයි.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සැළසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. හදිසියේ ඇතිවන පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කටක

නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි. පවුලේ වගකීමක් තමා වෙත පැවැරීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු කරයි.

සිංහ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

කන්‍යා

ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.

තුලා

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

ධනු

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. දැනට පිනට ළැදි දිනයකි.

මකර

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.