2024.08.31 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 31, 2024

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 09.06 - 10.39
සුබ දිශාව - උතුර

 

මේෂ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ උදව් උපකාර හිමිකරන දිනයකි. එහෙත් උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන බවක් පෙනේ.

වෘෂභ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරයි. කෑම බීම පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

මිථුන

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. මුත්‍රා අමාරුවක් හෝ චර්මගත ආබාධයකින් වඩා විඳින දිනයකි.

කටක

රැවටීමකට හසුවීමට ඉඩ ඇත. නිතර නිවෙසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. වැයපස අධික කරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා පිනට දහමට ළැදි දිනයකි.

කන්‍යා

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා අමතර වියදම් බහුල කරයි. පවුලේ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ.

තුලා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සිදුවේ.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

මීන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.