2024/08/30 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 30, 2024

 

ඉර උදාව පෙ.ව. 06.04
ඉර බැසීම ප.ව. 08.19
රාහු කාලය උදේ 10.39 -12.12
සුබ දිශාව - දකුණ

 

මේෂ

අලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම අන් අයගෙන් වැඩ ගැනීමටද දක්ෂතාවයක් දක්වයි. බාහිර අලංකාරයට කැමැති දිනයකි.

වෘෂභ

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. පවුලේ ඉදිරි දියුණුවට සැලසුමක් ඇති කරයි. නීති ගැටලුවකට මැදිවීමට සිදුවන බවක් පෙනේ.

කටක

අමතර ලැබීම් හිමිකරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සිංහ

බලාපොරොත්තුවක් ඉටු කරයි. විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. හිතවතකුගෙන් ත්‍යාගයක් හිමිවන දිනයකි.

තුලා

අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරයි. සිතට සතුට සැනසීම ගෙන දෙන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු උදාකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට කරුණු ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කරුණු සැලසෙන දිනයකි.

ධනු

පැවැති වගකීමකින් නිදහස උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ සුහදතාවයට කරුණු ඇතිකරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.