2024.08.26 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 26, 2024

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - උදේ 07.36 - 09.08
සුබ දිශාව - දකුණ

 

මේෂ

යොදා ගත් කටයුතුවල ප්‍රමාදතාවයක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත් කරයි. අජීර්ණ ආබාධ, කොන්ද ආශි‍්‍රත ආබාධ මතුවිය හැකි දිනයකි.

වෘෂභ

සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි. විශ්වාස වන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවන බවක් පෙනේ.

මිථුන

උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට සුබදායක බවක් පෙනේ. නිතර පොත් පත් වැඩකටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වැඩිහිටියකුගේ උපදෙස් මත කටයුතු සිදු කරන දිනයකි.

කටක

වියදම් අධික වන කටයුතු කීපයක් යෙදේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

සිංහ

අලුත් කටයුතු කීපයකට අත ගැසීමට කටයුතු උදා කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. මුදල් ගනුදෙනුවලදී පරිස්සම් වන්න. අමතර වියදම් බහුල කරන දිනයකි.

කන්‍යා

ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා ආහාර පාන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි.

තුලා

විවේකය අඩුකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි බවක් පෙනේ.

වෘශ්චික

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. ගේ දොර කටයුතු කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ගතට සිතට පි‍්‍රයදායක කටයුතු කීපයක් සිදුකරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

අන් අය අතර කැපී පෙනීමට කරුණු ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

මකර

කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අසහනයෙන් කටයුතු කරන බවක් පෙනේ. විවේකය අඩු කරන අන්දමේ කටයුතු කිපයක් යෙදේ.

කුම්භ

පවුලේ ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. එහෙත් පැවැති වගකීමකින් නිදහස අත්කරයි. පොරොන්දු ගිවිසුමකට බාධා ගෙන දෙන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පවතක් අසන්න ලැබේ.

මීන

ගතට සිතට සැනසිල්ල උදාකරන බවක් පෙනේ. නීති ගැටලුවකින් නිදහස අත්කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු අන්දමේ කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.