2024.09.05 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.16
රාහු කාලය - දවල් 01.41 - 03.13
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවන දිනයකි.

වෘෂභ

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

මිථුන

දරුවකුගේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

ගතට සිතට සුවදායක දිනයකි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකියි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

සිංහ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

කන්‍යා

එදිනෙදා කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු බවක් පෙනේ. ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි දිනයකි.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. දුරගමනකට සැලසුමක් ඇතිකර ගනී. වරින්වර ඇති කරන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වෘශ්චික

තනතුරු වෙනසක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

ධනු

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

අමතකවීම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන දිනයකි.

කුම්භ

පැවැති නිදහස සීමාවී යන බවක් පෙනේ. අසල්වැසි සුහදතාවයට හේතු සැලසෙන දිනයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

මීන

පැවැති අවිවේකී බව මඟ හැරී යයි. පවුලේ උත්සව අවස්ථාවකට වෙහෙසීම් ඇති කරයි. මෙතෙක් ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.