2024.08.24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 09.08 - 10.41

 

මේෂ

පැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා අමතර වියදම් බහුල කරන දිනයකි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වති.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. විනෝදයෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

පවුලේ කටයුතු පිළිබඳ සොයාබැලීමක් කළයුතු බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

කටක

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ අය අතර කැපීපෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

සිංහ

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

තනතුර, වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. හදිසි ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දෙයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේ දී දදුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදු කරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකම් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරු කරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.