2024.09.02 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 2, 2024

 

ඉර උදාව - පෙ.ව.06.03

ඉර බැසීම - ප.ව. 06.17

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

එදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි.

වෘෂභ

සිත් රිදවීමක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිවීමට ඉඩ ඇත. ලාභ ප්‍රයෝජන අත්කරන බවක් පෙනේ.

මිථුන

සැළසුම් කීපයක් සාර්ථක කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර පතන දිනයකි.

කටක

ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. කතාබහේ දී පරිස්සම් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකියි. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

සිංහ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. විශේෂ කෙනකුගේ ඇසුට කටයුතු උදා කරයි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි.

තුලා

විශේෂ කෙනෙකුගේ ඇසුරට කටයුතු සැලසේ. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

ධනු

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මකර

කීර්තිය ප්‍රසිද්ධියට කරුණු සැලසේ. ශාරීරික වෙහෙසීම් බහුලවන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොකරයි. වියදම් බහුල දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුට කටයුතු සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.