2024/09/07 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 7, 2024

 

ඉර උදාව පෙ.ව. 06.02
ඉර බැසීම ප.ව. 06.15
රාහු කාලය උදේ 09.05 - 10.37
සුබ දිශාව දකුණ

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යන එන තැන ප්‍රසිද්ධියට පත්වන කරුණුූ කීපයක් ඇති කරයි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

නැතිවූ දෙයක් නැවත හිමි කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.

මිථුන

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වගකීම් බහුල දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර වෙහෙසීම් බහුල දිනයකි.

සිංහ

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි. කණ්ඩායම් වැඩසටහනකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කන්‍යා

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පෙළඹේ. තෑගි බෝග හිමිකරන අතර වගකීම් බහුල දිනයකි.

තුලා

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ගමන් බහුල දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. දූ දරු සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. උගුර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර පතයි.

මකර

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුªවල නිරතවන බවක් පෙනේ.

කුම්භ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අතමිට සරුකරන ආදායම් මාර්ග යෙදීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

මීන

වගකීම් බහුල කරයි. විශ්වාසවන්තත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. පියපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.