2024.09.06 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.15
රාහු කාලය -උදේ 10.36 - 12.09
සුබ දිශාව - දකුණ

 

මේෂ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර විනෝදයට අලංකාරයට කැමැති බවක් පෙනේ. අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.

වෘෂභ

හදිසි ගමන් බිමන් යෙදෙන බවක් පෙනේ. දෙමව්පිය ගුරුවරාදීන්ට ළැදිව කටයුතු කරයි. උසස් අධ්‍යාපනයකට හිමිකම් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

මිථුන

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම යහපත් කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

සිතේ චංචල ගතියෙන් කටයුතු සිදු කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. උදරාබාධ සෙම් අමාරු ආදිය ඇතිවිය හැකි බවක් පෙනේ.

කන්‍යා

සාහිත්‍ය හා කලා අංශයට ඉතා කැමැත්තක් දක්වයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ.

තුලා

බාහිර අලංකාරයට, පිරිසුදුකම කැමැති බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන දිනයකි.

වෘශ්චික

සමාජ සේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. අන් අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර පින්දහම් කටයුතුවල නිතරවන බවක් පෙනේ.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. අලුත් හිතවත්කම්වලට මඟසැලසෙන බවක් පෙනේ. ආගමික භක්තිය දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට හැකිවෙයි.

මකර

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. පවුලට නිතර යන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කුම්භ

ශරීර වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි. එහෙත් හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති කරයි.

මීන

අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. අන් අතර කැපී පෙනෙන බවක් පෙනේ. දරුවකුගේ දියුණුවක් දැකිය හැකියි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.