2024.08.27 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 03.16 - 04.48
සුබ දිශාව - දකුණ

 

මේෂ

ගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ ළඟම ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.

කන්‍යා

ආගමික භක්තිය දනවන කටයුතු කීපයක් සිදුකිරීමට අවස්ථාව සැලසේ. දරුවකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පෙම් සබඳතාවයකට පැටලීමට ඉඩ ඇති දිනයකි.

ධනු

පවුලේ වගකීම් වැඩි කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

මීන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.