2024.08.29 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 29, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දවල් 01.13 - 03.15
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි. කල්පනාවෙන් කටයුතු කරන්න.

වෘෂභ

අසල්වැසි සිත් අමනාපයකට මුල පිරෙන කටයුතු කීපයක් සිදුකරයි. දරුවකුගේ අධ්‍යාපනික සැලසුමක් වෙනුවෙන් තීරණයක් ගැනීමට සිදුවේ. ස්නායුගත ආබාධයකින් පීඩාවට පත්කරන දිනයකි.

මිථුන

ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් නොහොඳකමක් ඇති කරයි. නීතිමය ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. දුරදිග බලා කටයුතු කරන්න.

කටක

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. අන් අය ඇසුරේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි.

සිංහ

වරින් වර හටගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

නිතර හට ගන්නා දණහිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. හිතවතුන් ඇසුරේදී කල්පනාකාරී වන්න.

තුලා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයකින් ජයග්‍රහණ අත්කරන දිනයකි. වගකීම් බහුල කරයි.

වෘශ්චික

නින්දට බාධාගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. පිනට දහමට ළැදි දිනයකි.

ධනු

අමතර වියදම් බහුල කරන දිනයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. රැකියා ස්ථානයේ වැඩකටයුතු අධිකවන බවක් පෙනේ.

මකර

හදිසි ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සෙම් පීඩා බහුල දිනයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කුම්භ

අඹුසැමි විශ්වාසය බිඳ බැටෙන කටයුතු කීපයක් සිදුකරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ.

මීන

උදාසීන ලෙස දවස උදා කරයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. නීති ගැටලුවකට පැටලීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.