2023.11.30 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 30, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.06
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - දහවල් 01.27 - 02.56
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. පැවැති වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුකරයි. අසල්වැසියන්ගෙන් උදව් උපකාර හිමිකරන දිනයකි.

වෘෂභ

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදාකරයි. අඹුසැමි සුහදතාවයට කරුණු ඇති කරන දිනයකි. පවුලේ අය සමඟ පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී.

මිථුන

නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

කටක

තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා විවේකය අඩුකරන බවක් පෙනේ. බාල සහෝදරයකුගේ කටයුතු හෙතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

සිංහ

විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇසුරු කරන අයකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. නිතර ගේ දොර කටයුතු සම්බන්ධ විවේකය අඩුවන බවක් පෙනේ.

කන්‍යා

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය උදා කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන දිනයකි.

තුලා

විශේෂ ආදායමකට කටයුතු උදා කරන බවක් පෙනේ. යටපත් වූ දණහිසේ වේදනාවක් නැවත මතු කරයි. පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙනේ.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියාවේ වැඩි වගකීම් කොටසක් තමාවෙත පැවරීමට ඉඩ ඇත. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

ධනු

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රමාදතා සිදු කරන දිනයකි. උදරාබාධයක් හේතුවෙන් පීඩාවිඳින බවක් පෙනේ.

මකර

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

කුම්භ

පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිවන බවක් පෙනේ. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. එමෙන්ම ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයක් බව ද පෙන්නුම් කරයි.

මීන

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදුකරන දිනයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. යටපත් වූ රෝගාබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.