ශරීර ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නේ කෙසේද?

අගෝස්තු 9, 2019

රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය නැත්නම් ජීවිත කාලය පුරාම රෝගාබාධවලට ගොදුරුවීම වළක්වා ලිය නොහැකිය. ප්‍රතිශක්තිය ගැන දැඩි අවධානයක් යොමු කළ යුත්තේ මේ නිසාය.

ඉක්මනින්ම ජීර්ණය වී ඕජස් බවට පත්වන ආහාර අපේ ප්‍රතිශක්තියට හිතකරය. එහෙත් යම්කිසි ආහාරයකින් ‘ආම’ හෙවත් විස නිපදවනවා නම් එයින් ප්‍රතිශක්තිය දුබල වෙයි.

පහසුවෙන් ජීර්ණය වන ආහාර තෝරා ගන්න.

නැවුම් එළවළු, පලතුරු, පොත්ත සහිත ධාන්‍ය, ඇටවර්ග ,සරල කිරි ආහාර පහසුවෙන් ජීර්ණය වෙයි. නිතරම එවැනි ආහාරවලින් අපේ ආහාරවේල පෝෂණය කරගන්නා ලෙසට ආයුර්වේද උපදෙස් ලබාදී ඇත්තේ එබැවිනි.

අද සුලබව කෑම කඩවල තිබෙන සකස් කළ, ටින් කළ, සීත කළ, පැකට් කළ ආහාර බොහොමයක් ජීර්ණයට අපහසුය. එනිසාම ‘ආමය’ නිපදවෙයි. ඒවායේ රසකාරක, කල්තබා ගන්නා රසායන ඉතා අහිතකර ලෙස බලපායි.

ආයුර්වේදයට අනුව වඩාත් සුදුසු ශාකමය ප්‍රෝටීන ගැනීමය. පනීර්, කිරි, ඇටවර්ග (මුං, පරිප්පු වැනි රනිල කුලයේ ඇට වර්ග) ‘ඕජස්’ සහ ප්‍රතිශක්තිය ඉහළ නංවයි. ඕජස් යනු ආහාර ජීර්ණය වීමෙන් ලබන පලයයි. මස්වලින් ප්‍රෝටීන ලැබුණත් නිර්දේශ නොකරන්නේ ඒවා ජීර්ණයට අසීරු නිසා සහ ‘ආමය’ හෙවත් විස ජීර්ණයේ ප්‍රතිඵලය ලෙස ඇති වන නිසයි.

සැර නැති කුළු බඩු යොදා එළවළු ධාන්‍ය, ඇටවර්ග වැනි ආහාර පිසින විට ඉක්මනින් දිරවා ‘ඕජස්’ බවට පත්වෙයි. මේ අනුව කුළුබඩුවලින් ආහාරවලට එක් වන්නේ රසයක් පමණක් නොවෙයි. පහසුවෙන් ආහාරය ජීර්ණය වීමටත් පෝෂක සිරුරට සැපයීමටත් ඒවා උපකාරි වෙයි.

විවිධ කුළුබඩුවලට ඇත්තේ විවිධ අන්දමින් ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාවකි. කහ සිරුරේ විස ඉවත් කරයි. සූදුරු ‘ආමය’ නසයි. ගම්මිරිස් ‘ඕජස්’ වලට පටක අභ්‍යන්තරයට යා හැකි පරිදි ශරීර අවහිරතා දුරු කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

චම්පිකා දීපානි රණසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.