වන්ධ්‍යාභාවය හෙවත් දරුඵල අහිමිවීම

ජුනි 21, 2019

වර්තමාන සමාජය තුළ දරුඵල අහිමිවීම ශීඝ්‍රයෙන් වර්ධනය වන ගැටලු සහගත තත්ත්වයකි. මේ සඳහා බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන පිරිස අති මහත්ය.

මෙම ගැටලුකාරි තත්ත්වය විසඳා ගැනීමට නම් ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයම හරි හරියට දායකත්වය ලබා දිය යුතු වේ.

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව දරුඵල අහිමිවීම, අසාරතාවය,වන්ධ්‍යාභාවය, මද සරු බව යනාදී විවිධ පර්යාය නාම වලින් හඳුන්වනු ලබයි. උත්තරීතර මාතෘ හා පීතෘ පදවි ලබා ගැනීමට නම් දරුවෙකු මෙලොවට බිහි කළ යුතුමය.

බාහිර සමාජය ස්ත්‍රියක් ලෙසින් හඳුන්වනු ලබන්නේ ඇයගේ ලාලිත්‍ය, සුකුමාර බව හා අංගෝපාංග ආදිය මූලික කොට ගෙනය. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මින් ඔබ්බට ගිය ගැඹුරු අර්ථයකින් ස්ත්‍රිය විග්‍රහ කොට ඇත.

“ස්තයාති ගර්භෝ යස්‍යාමිති ස්ත්‍රී” එනම් ගැබ දරන්නේ ස්ත්‍රියයි. ස්ත්‍රියක් ලෙස සලකනු ලබන්නේ විවාහයෙන් පසු දරුවෙකු ප්‍රසූත කළ හොත් පමණි. ප්‍රජාව වර්ධනය කිරීමේ හැකියාව ඇත්තේ ස්ත්‍රියටම පමණි.

දරුඵල අහිමිවීමට බලපාන ප්‍රධාන දෝෂයන් 4 ක් පිළිබඳව ආයුර්වේද ශාස්ත්‍රය ගැඹුරින් විග්‍රහ කොට ඇත.

1.ඍතු දෝෂ

2.ක්ෂේත්‍ර දෝෂ (ස්ත්‍රී ප්‍රජනේන්ද්‍රීය දෝෂ)

3.අම්බු දෝෂ

4.බීජ දෝෂ

ආදි වශයෙනි

ඍතු දෝෂ

මෙහිදී ඍතුව යනුවෙන් අදහස් කරනු ලබන්නේ නියමිත කාලයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආයුර්වේද වෛද්‍ය සාමවිනිසුරු
කාන්ති මදුරප්පෙරුම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.