දුක් විඳින අර්ශස් රෝගයට ප්‍රතිකාර

දෙසැම්බර් 28, 2018

අධික ඌෂ්ණාධික ආහාර හා ඇවතුම්, පැවතුම් ක්‍රියා කලාපයන් හා පරම්පරාවට වැළඳෙන අර්ශස් රෝගය නිසා ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ සියලුම දෙනා ඉතා අපහසුතාවයට හා දුකට පත්ව වදවිඳින බව රහසක් නොවේ. මෙය නිට්ටාවට සුවකර ගැනීමට කවුරුත් පාහේ උනන්දුවක් හා කැමැත්තක් දක්වන බවද නොරහසකි.

මේ රෝගය පිළිබඳව ශාස්ත්‍රීය ලිපි කොතෙක් පළවූවත්, අත්දැකීම් ඇති ප්‍රතිකාර පළවන්නේ අඩු වශයෙනි. පුරා වසර 35 ක අත්දැකීමෙන් ලද පාරම්පරික ප්‍රතිකර්ම සුවහසක් ජනයාගේ හිත සුව පිණිස ඉදිරිපත් කිරීම සිත් විය.

දකුණුලක සුපතල නාමයක් තිබූ මාගේ මුත්තාට උම්බලකඩ වෙදමහතා යැයි විරුදාවලි නාමයක් පටබැඳී තිබුණි. එයට හේතුව අර්ශස් රෝගයට දෙන බස්න කෂාය හැම එකකටම උම්බලකඩ ගැනීම නිසා ය. සීයාගේ පුස්කොළ පොත්වල මනාව පැහැදිලිව ලියා ඇත. මා දහස් ගණන් රෝගීන් සුවපත් කළ අත්දුටු වටටෝරු කීපයක්, ප්‍රථමයෙන් ඇඟ ගා උදරය සිසිල් කරලීමට මේ තැඹිලි බස්නය දින හතක් හිස් බඩට බොන්න. ගතයුතු ඖෂධ අමු හා පිරිසුදුව සිනිඳුව ලියා හෝ අඹරා ගාන්න. 

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සුනිල් වීරසේකර

072 9063573

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.