ළිං කැපීමට ඉතා සුබ නන්දා යෝගයක්

සැප්තැම්බර් 27, 2024

ඔක්තෝබර් මස 22 වැනිදාට යෙදෙන කුජ දින උදේ 08.02ට නැඟෙනහිර බලා ළිං කැපීම යහපති. ඒ නන්දා යෝගය යෙදෙන බැවිනි.

මෙය ළිං කැපීම, අමුණු බැඳීම, පොකුණු සෑදීම, ඇළවේලි සැදීම, පිහිනුම් තටාක සෑදීම ආදී සියලු කටයුතුවලට ඉතා සුබදායි නැකැතකි.

එසේ කටයුතු කළහොත් තැලීමක්, බිඳීමක්, පළුදුවීමක් සිදු වන්නේ නැත. ඒසේ ළිං කැපීමෙන් කෙතරම් ඉඩෝරයකට වුවද ජලය සිඳී යෑමක් සිදු නොවේ. ලවණ රසයක් ඇතිවීම හෝ වෙනත් කිසිදු ආපදාවක් සිදු නොවේ. පිරිසුදු ජලය ලැබේ. මේ නැකැත උදාවීම මුහුර්ත චින්තාමනියේ මෙසේ දැක්වේ.

සිත අද රේවතී මුලය සියාවස
කැති අස්ලිස සා රවි කුජ දෙදවස
කිවි එක සහ එකොළස උනි එ දවස
ඇති සුබ නන්දා යෝගෙලු පෙර බස

එසේම කවියෙන් කී පරිදි මේ දිනට අද නැකතද, කුජ දිනද, ශටවකද යෙදී ඇත. එසේම වෘශ්චික ලග්නයද, ගුරු හෝරවද, ගුරුගේ පංචම හෝරාවද යෙදී ඇත. ඒ නිසා මේ නැකැත වඩාත් ප්‍රශස්ත වේ.

සිත, මුවසිරස, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, මුල, මා, අස්විද, අනුර, උත්‍රපුටුප, පුෂ, පුනාවස, විසා, පුවපුටුප, යන නැකැත්වලින් උපත ලද අයට මේ නැකැතින් වඩාත් සුබ ප්‍රතිපල ලැබිය හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.