17 වැනිදා කුජ කන්‍යාවට ලග්න පහකට සුබපල හතකට මිශ්‍රපල

සිංහ - කුම්භ ලග්න හිමියන්ට සස යෝගය
අගෝස්තු 11, 2023

 

  •  මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය
  •  ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත්
  •  ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක්

 

අගේස්තු 18 වැනිදා කන්‍යා ලග්නයට ගමන් කරන කුජ හෙවත් අඟහරු ග්‍රහයා සතුරුව ඔක්තෝබර් 03 වැනිදා දක්වා රැඳී සිටියි. සිත නැකැතේ 1 සහ 2 පාද ද හත නැකැතේ පාද සතරමද, උත්‍රපල් නැකැතේ 2,3,4 පාද ද ස්පර්ශ කරමින් දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි සිංහ රවි දෙවැනි භාග නිකිණි මස පුර දියවක තිථිය ලත් කිවි දින සවස 03.05ට මේ ගමන ආරම්භ වේ. බලාපොරොත්තු නොවූ තීන්දු තීරණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ලොව පුරා ව්‍යාකූල ස්වභාවයක් නිර්මාණය වන්නේය. දුර ගමන් ආදියෙහි මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ දරුණු අනතුරු ඇති විය හැකි සමයකි. මාර්ග මෙන්ම නාවික, ගුවන් අනතුරු බහුල විය හැකි කාලයක් බැවින් ඒ ක්ෂේත්‍රවල නියැළෙන්නන් ප්‍රවේශම් විය යුතුය. කර්මාන්තශාලා ආශ්‍රිත ගිනි ගැනීම්, පාරිසරික ආපදා, සත්ත්ව රෝග පැතිරීම දැකිය හැකිය. දෙස් විදෙස් දේශපාලන කරළියේ උණුසුම් පසුබිමක් ඇති කරයි. නීතිය, ආගම පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාල පරාසයකි. සියලු ලෝ වැසියන් සාමය, සමගිය, සමාදානය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීමෙන් යහපත් පරිසරයක් ගොඩනැඟීමට උත්සුක විය යුතු කාලයකි.

 

මේෂ රාශිය

බුධ හිමි කන්‍යා රාශිය මේෂ ලග්න හිමි ජන්මීන්ගේ රෝගාස්ථානය පෙර සතුරු බලවේග ප්‍රකාශිත 06 වැන්නට යෙදී ඇත. හිස, පපුව, උදරය, කොන්ද, තුනටිය, දණහිස, පාද ආශි‍්‍රතව ශාරීරික දැවිලි පිච්චිලි, රුදා ගතියක් පෙන්වයි. උරහිස්, යටිබඩ ද ආශි‍්‍රතව ඇතැම් විට රෝගී බවක්ද ඇති විය හැකිය. හදිසි තීරණ ඉක්මන් කෝප නොගෙන දූරදර්ශීව කටයුතු කරන්න. රැකියා ආදායම් මාර්ග කෙරෙහි වෙනදාට වඩා අවධානය වැදගත් වෙයි. එහෙත් තාක්ෂණික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන අයට විශේෂ වරප්‍රසාද හිමිවෙයි.

 

වෘෂභ රාශිය

වෘෂභ ලග්න හිමි ජන්ම ලාභිනට අඟහරු 05 වැන්නවූ කන්‍යා රාශිගත වීම සතුරු අඟහරුගෙන් සිදුවීම අධ්‍යාපනය, සබඳතා, විවාහය, ආගමික කටයුතු ආශි‍්‍රතව දැඩි අසහනකාරි බවක් නිර්මාණය වෙන්නෙකි. සස යෝග බලය 10 වැන්නවූ කර්මස්ථානගතව නිවේදනය වෙයි. ප්‍රභූ ජනයාගේ ඇසුර ලැබෙයි. ආදායම් තත්ත්වය දියුණු වෙයි. උරහිස් , පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගී බවක් ද බලපායි.

 

මිථුන රාශිය

මිථුන රාශි ජන්මීන්ගේ 04 වැන්නෙහි සතුරු අඟහරු තැන්පත්ව කේන්ද්‍රස්ථාන මෙන්ම ත්‍රිකෝණස්ථාන කෙරෙහි යම් යම් ප්‍රමාණයක බලපෑම් සිදු කෙරෙයි. පෙම් සබඳතා මංගල යෝජනා සාර්ථකවේ. රැකියා ආදායම් මාර්ග කෙරෙහි මෙන්ම ඇසුරු කරන්නවුන් අතර මතභේද ඇතිවීමට ඉඩ ඇත. මුහුණ, උරහිස්, පපුව, උදරය, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධ පෙන්නුම් කරයි.

 

කටක රාශිය

කුජ මාරුව කන්‍යාව යෙදුන වික්‍රමස්ථානගතව 3,7,11 ත්‍රිකෝණ බලය දුර්වල කොට ඇත. මේ අනුව රැකියා ආදායම් මාර්ග කෙරෙහි ශුභවාදි බවක් ද නිර්මාණය වෙයි. ජීවිතයෙහි මෙතෙක් පැමිණි පිළිවෙත වෙනස්කොට සමාජගත රාමුව ආශි‍්‍රත වූ ක්‍රමවේද අනුගමනය කොට උසස් මානසික චින්තනයකට මඟ සැලසුම් කරණය කරගනු ලබයි. සබඳතා මංගල යෝජනා ද සාර්ථක වෙයි. හිස, මුහුණ, උරහිස්, පපුව, මළ මුත්‍ර , වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධ ද වරින්වර බලපෑ හැකිය.

සිංහ රාශිය

සිංහ රාශි ජන්මලාභීන්ගේ 07 වැන්නෙහි සස යෝග බලය උදාවීමත් ප්‍රබල ග්‍රහයෝග රැසකගේ බලය සම්බන්ධ වී යාමද උදාර ජීවනගමන් මඟකට තුඩුදෙයි. රැකියා ආදායම් මාර්ග, සාර්ථක කෙරෙයි. හිස, මුහුණ, උරහිස්, යටිබඩ, මළමුත්‍ර ආශි‍්‍රත වකුගඩු කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධක උත්සන්න විය හැකි බැවින් විෂබීජවලින් දුරස්ථව ක්‍රියාකාරී බව ශුභවාදී වෙයි. දියුණුව අනාගතය ආශි‍්‍රතව සැලසුම් සාර්ථක වෙයි.

කන්‍යා රාශිය

ග්‍රහයන් අතරෙන් රාහු කේතු සතුරු වීම අතරට ලග්නයෙන් අඟහරු සතුරුවීම ද සිකුරු සතුරුවීම ද සෙනසුරු, නෙප්චූන්, සිකුරු, යුරේනස්, ප්ලූටෝ, වක්‍රවීම් ද කන්‍යා රාශි ජන්මලාභින් කෙරෙහි බලපානු ලබයි. මේ අනුව හිස, මුහුණ උදරය, යටිබඩ, මළමුත්‍ර කොන්ද තුනටිය පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධක බලපානු පෙනෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථකවේ. සිතේ ඇති බලාපොරොත්තුවක් ඉෂ්ට වෙයි.

තුලා රාශිය

රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම පවුල් ජීවිතයෙහි යම් යම් කරුණු කාරණා කෙරෙහි දැඩි සතුරු බලවේගයක් ක්‍රියාත්මක වෙයි. සිකුරු හිමි තුලා රාශි ජන්මීන්ගේ කන්‍යා රාශි ගත කුජ මාරුව 12 වැන්නෙහි යෙදීම දියුණු සහගත කටයුතු ගණනාවක් කෙරෙහි බාධක පැමිණියත් මුදල් ලැබීම් අතින් යහපත් කාලයක්වේ. හිස, පපුව, උදරය, යටිබඩ, මළමුත්‍ර , වකුගඩු, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රතව වරින්වර රෝගා බාධක මතු කෙරෙනු ඇත.

වෘශ්චික රාශිය

06 වැන්න සතුරු ස්ථානාධිපති මෙන්ම ලග්නාධිපති සතුරු 11 වැන්නවූ අයස්ථානගතවීම දැඩි මානසික අසහනකාරි බවක් මතු කෙරෙන්නෙකි. 04 වැන්නෙහි සස යෝග බලය අනුව බොහෝ දුරට පදිංචි ස්ථානය /භූමිය ආශි‍්‍රත දියුණුව අඩු වී යාමෙකි. එහෙත් අධ්‍යාපනය, ධනය, බලය, ළඟා කරවමින් සමාජගත උසස් බවකට ජීවිතය සාර්ථක කරවීමක යෙදුණ ග්‍රහචාරයෙකි. උරහිස් , පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, කෙණ්ඩ, දණහිස, පාද ආශි‍්‍රතව දැවිලි පිච්චිලි රුදා වේදනා නිර්මාණය වෙන බවක් ද පෙන්නුම් කෙරෙනු ඇත.

ධනු රාශිය

ධනු රාශි ජන්ම ලාභිනට 10 වැන්න වූ කර්මස්ථානගතව 02,06,10 අර්ථකෝණය යම් තරමකට අඟහරු සතුරු වු 10 වැන්නෙහි රැකියා ආදායම් මාර්ග කෙරෙහි බලපෑමක් නිර්මාණය වුවත් ධෛර්යවත්ව කටයුතු කිරීම මඟින් බාධක දුරුකරගත හැකිය. අධ්‍යාපනය, සබඳතා, යුගදිවිය, මංගල යෝජනා ආශි‍්‍රතව ආකූල ව්‍යාකූල බවක්ද මතු කෙරෙයි. වකුගඩු ආශි‍්‍රත කොන්ද තුනටිය, උරහිසේ පාද ආශි‍්‍රත දැවිලි පිච්චිලි රුදා වේදනා ඇති විය හැකිය.

මකර රාශිය

රැකියා ආදායම් මාර්ග, ඇතුළුව නිර්මාණශීලි ක්‍රියාකාරකම් බොහෝදුරට සාර්ථකත්වය කරා තුඩුදෙයි. දෙස් විදෙස් සංචාරක සේවා සාර්ථක කෙරෙනු ඇත. පදිංචි ස්ථානය /භූමිය ආශි‍්‍රත කටයුතු දියුණුූ තත්ත්වයකට පාත්‍ර කෙරෙනු ඇත. උත්සහය, උනන්දුව, මන්දගාමි බවකට අඟහරු කන්‍යා රාශිගත වීම අනුව සිදුවිය හැකිය. හිස, මුහුණ, උරහිස්, පපුව, යටිබඩ, මළමුත්‍ර, වකුගඩු ආශි‍්‍රත බවක් ද කොන්ද තුනටිය පාද ආශි‍්‍රතව ද ආබාධ මතු විය හැකිය.

කුම්භ රාශිය

සස යෝග බලය ලග්න ගත වීම අනුව උසස් දියුණුවකට මඟ සැලසෙයි. අඟහරු, කන්‍යා, රාශියට සංක්‍රමණය 08 වැන්නවූ මෘත්‍යු ස්ථානය අනුව බලපායි. කොන්ද තුනටිය ආශි‍්‍රතව රෝගාකාරි බවක් උත්සන්න විය හැකිය. රාජ්‍ය සේවා ආශි‍්‍රතව ජනතාව සහ නිලධාරි පැලැන්තිය ආශි‍්‍රත ප්‍රසාදය මතු කෙරෙනු ඇත. හිස, මුහුණ, උරහිස්, යටිබඩ, මලමුත්‍ර, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධක මතු කෙරෙයි.

මීන රාශිය

02,06,08,12 ස්ථානයන්හි ග්‍රහයන් තැන්පත් වීමෙන්ද කුජ කන්‍යාවේ සතුරුවීමෙන්ද 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතව බුධ ආධිත්‍ය යෝග බලයද නිර්මාණය වීම ජීවන ගමන් මඟෙහි නවතාවයකට භාග්‍යය වාසනාව උදා වී යාමෙකි. මානසික සතුටක් දිනෙන් දින මතුවෙයි. කුහක කුරිරු සතුරු බලවේග යටපත් වෙයි. හිස, මුහුණ උදරය, යටිබඩ, මළමුත්‍ර, වකුගඩු, කොන්ද තුනටිය පාද ආශි‍්‍රතව වරින්වර රෝගා බාධක මතු කෙරෙයි. ගෘහ ජීවිතය ආශි‍්‍රතව ගැටලු මතුවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.