වළයාකාර සූර්යග්‍රහණයක්...

සමාජ පරිවර්තනයක්
සැප්තැම්බර් 29, 2023

වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපල

ජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේ

කාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි

ඔක්තෝම්බර් 14 වැනි ශනි දින වලයාකාර සූර්යය ග්‍රහණයක් මධ්‍යම රාත්‍රී 11.40ට විශ්වතාරකා මන්දාකිණියෙහි සිද්ධ වෙන්නේ ය.

මහ පොළවත් සූර්යයාත් අතරින් චන්ද්‍රයා ගමන් කරළීමත් සෙවණැල්ල සූර්යයා මත පතිතව “සූර්යය ග්‍රහණ නිර්මාණය වන්නේ ය. චන්ද්‍රයාත් සූර්යායත් අතරින් මහපොළව ගමන් කරළීමෙන් පොළොවෙහි, සෙවණැල්ල චන්ද්‍රයා මතට පරාවර්තනය වී චන්ද්‍රග්‍රහණ සිදුවේ.

මෙලෙස සූර්ය ග්‍රහණ සිද්ධ වීම සඳහා සූර්යයාත්, චන්ද්‍රයාත් මෙන්ම පෘථිවියත් එක එල්ලේම පිහිටිය යුතුවෙයි. අමාවක දිනවල මෙකී වස්තූන් තුනම මෙලෙස එක එල්ලේ පිහිටීමේ දී ද සූර්යග්‍රහණය ග්‍රහණය නොවන සුළු අවස්ථා ද ප්‍රකට වෙයි. ඊට හේතුව ලෙස චන්ද්‍රයාගේ ගමන් මාර්ගය හෙවත් කක්ෂතලය පෘථිවියෙහි ගමන් මාර්ගය හෙවත් කක්ෂ තලයට අංශක 5.1 පමණ ඇලයක් හෙවත් ආතතියක් නිර්මාණය වී යාමයි.

වර්ෂයකට සූර්ය ග්‍රහණ අවම ලෙස 02 ද උපරිම ලෙස 05 ක් ද විද්‍යමාන විය හැකිය. එසේ නමුදු වසරකට උපරිම සූර්යග්‍රහණ දෙකකි. චන්ද්‍රයා විසින් සූර්යයා අවහිර කරළීම හෙවත් වසා ගනු ලබන ආකාරය සූර්ය ග්‍රහණ වර්ග සතරෙකි. චන්ද්‍රයා මුළුමනින්ම සූර්යයා වසාගෙන එහි පූර්ණ ඡායාව පොළව මත වැටීමට සැළැස්වීමෙන් පූර්ණ සූර්යග්‍රහණයක් ද චන්ද්‍රයාගේ පූර්ණ ඡායාව අහසෙහි පිහිටා උප ඡායාව පමණක් පොළොවට පතිත වීමෙන් හෙවත් චන්ද්‍රයා වටා රිදී වළල්ලක් මෙන්ම සූර්යයාගේ රැස් වළල්ල පෙනෙන පරිදි ග්‍රහණයක් ක්‍රියාත්මක වූ විට එකී ග්‍රහණ වළයාකාර සූර්ය ග්‍රහණ ලෙසටත් සූර්යයාගෙන් කොටසක් පමණක් චන්ද්‍රයා මඟින් වැසී යන අවස්ථාවලදී එම ග්‍රහණ අර්ධ සූර්යය ග්‍රහණ ලෙසටත් එසේම කලාතුරකින් සිද්ධවන සංසිද්ධියක් ලෙසට සඳහන් කළ හැකි ද්විත්ව සූර්ය ග්‍රහණයක් හෙවත් දෙමුහුන් ග්‍රහණයක් මඟින් එක් ප්‍රදේශයකට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසට ද වෙනත් ප්‍රදේශයකට වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසටත් දෘශ්‍යමාන වන ග්‍රහණ මෙලෙස හඳුන්වනු ලැබෙයි.

මේ වළයාකාර සූර්යග්‍රහණයෙන් බොහෝ රාජ්‍යයන් කෙරෙහි අහිතකර බවක් නිර්මාණය වෙන්නේ ය. රෝග, අමනුෂ්‍ය, සාගත මෙන්ම කාලගුණික, දේශගුණික පාරිසරික විෂමාචාර බලවේග නිර්මාණ විය හැකි බවට කරුණු පෙනී යන්නේ ය. දේශගුªණික විපත් දහස් සංඛ්‍යාත ජීවිත බිළිගැනීම් කෙරෙහිද බොහෝ දුරට බලපා හැකිය. ජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරෙනු ඇත. පෙරළිකාර සමාජ පසුබිමක් නිර්මාණය විය හැකිය. වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන රාශි හිමියන්ට සුබඵල ගෙනෙන අතර විජග්‍රහණ සඳහා හිමිකම් ඇත.

 

මේෂ රාශිය

සුවිශේෂී ප්‍රබලතම ග්‍රහ චලිතයකට බලපානු පෙනෙයි. නිදන්ගත මෙන්ම වසංගත රෝගාබාධද නිර්නාමික සොර සතුරු බලවේගයන් ද ක්‍රියාත්මක කෙරෙයි. දැනුම අවබෝධය මොට කෙරෙන කාල පරාසයකි. දූ දරු දැසි දස්නට අහිතකර බවක් පෙනී යනු ඇත. හිස, උරහිස, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රතව රෝගාබාධ උත්සන්න විය හැකිය.

වෘෂභ රාශිය

රැකියා ආදායම් මාර්ග ඇතුළුව සමාරම්භක කටයුතු සාර්ථක කෙරෙනු ඇත. අර්ධ කාල සර්ප යෝගයක් මෙන්ම ශනි දීප්ත යෝගය, පංච මහා පුරුෂ යෝග, සස යෝග බලය ද ක්‍රියාත්මක වෙයි. අවහිර බාධක දුෂ්කරතා වෙනුවෙන් ශාන්ති කර ගැනීම වැදගත් ය. මුහුණ, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව රෝගාබාධක උත්සන්න විය හැක.

මිථුන රාශිය

සිතැඟියාවන් බොහෝ දුරට ඉටුවන බවක් පෙන්නනුම් කරයි. වලයාකාර සූර්යග්‍රහණයට මිථුන රාශිය තුඩුදුන් බැවින් දැඩි ආරක්ෂා සෙත් ශාන්ති කටයුතු කර ගැනීමට ද යහපත් වෙයි. හිස, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රතව රෝගාබාධ උත්සන්න විය හැකියි. අනාරක්ෂිතව කාලය ගත කරළීම යහපතට හේතු නොවෙයි.

කටක රාශිය

පදිංචි ස්ථානයෙහි අමනුෂ්‍ය දෝෂ බහුලවෙයි. අලාභ, අපකීර්ති, අප්‍රසාද බහුල වෙයි. රෝගාබාධක මෙන්ම ආදායම් මාර්ග ආශි‍්‍රතව කරදර බාධක අවහිර උද්ගතවිය හැක. මුළාවීම්, හදිසි මෙන්ම අනවශ්‍ය වියදම් බැහැර වෙයි. තිරසාර ලෙස කළයුතු කටයුතු පැහැර හැරීමක් සිදුවිය හැකිය. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාත්මක වීම යහපත් වනු ඇත. නව අරමුණු සිතා මතා ක්‍රියාත්මක කරළීම යහපත් වනු ඇත.

සිංහ රාශිය

සෙනසුරුගෙන් සස යෝග බලය ද, ශනි දීප්ත යෝග බලය ද ශුභවාදීව ක්‍රියාත්මක වෙනු ඇත. එසේම කාලසර්ප අශුභ යෝග බලය ද ක්‍රියාත්මකව පවතී. ආශි‍්‍රත ජනතාව මෙන්ම පවුල් ජීවිත, සබඳතා දියුණු වෙයි. අවහිර බාධක දුෂ්කරතා දුරුවෙයි. කුජ, ශනි, ත්‍රිකෝණ දෘෂ්ටියෙන් හදිසි ගැටලුකාරී බවක් මතු කෙරෙයි. උසස් දියුණුවකට පාත්‍ර කෙරෙනු ඇත.

කන්‍යා රාශිය

රවි බුධ ආධිත්‍ය මෙන්ම රවි, බුධ, චන්ද්‍ර ග්‍රහබලයද ප්‍රබලව යෙදී ඇත. උසස් දියුණුවකට මෙන්ම ප්‍රභූ ජනතාව ආශි‍්‍රතව වැදගත් කරුණු කාරණා සාර්ථක කෙරෙනු ඇත. හදිසි තීරණ අලාභ හානි බවට හේතු සාධක විය හැක. හිස මුදුණ, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධ බලපෑ හැකිය.

තුලා රාශිය

තුලා රාශි හිමි තමාගේ ග්‍රහබලය දෙකඩ වී ඇත. අභිරහස් කුමන්ත්‍රණ හමුවෙහි කල්පනාකාරී වීම, ඉතාම හොඳයි. හිස, පපුව, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය ආශි‍්‍රත රෝගාබාධකයි. ආදායම් තත්ත්වය දුර්වෙල වෙයි. පදිංචියෙහි වාදභේද, නොරිස්සුම් ගති මතු කෙරෙයි. සොර සතුරු බලවේග විනෝදය, සතුට සඳහා අනවශ්‍ය බාධක අවහිර යොදවයි.

වෘශ්චික රාශිය

සස යෝග බලය ශනි දීප්ත යෝගය 04 වැන්නේ ද කාල සර්ප අශුභ යෝගය ද බලපානු ඇත. සොර සතුරු බලවේග ක්‍රියාත්මක විය හැක. 11 වැන්න වූ අයස්ථානගත ග්‍රහ බලය අතිශය ප්‍රශස්ත බවක් නිර්මාණය වෙයි. උරහිස්, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගා බාධයකයි. භූගත වස්තු ළඟා විය හැක.

ධනු රාශිය

රැකියා මාර්ග ස්ථානයෙහි බොහෝ දුරට හිතවාදී නවතාවයක් සිදුවෙනු ඇත. 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ශනි දීප්ත යෝග බලය වර්ධනය වෙමින් පවතිනු ඇත. පවතින අවහිර දුෂ්කරතා මඟ හැරෙනු පෙනී යයි. හිතවාදී ඇසුරු කරන්නන් අතරින් ලැබීම් මාර්ගයන්හි බාධක ඇතිවිය හැකිය. කෑම බීමෙන් හා රෝගාබාධකවලින් ඉතාම ප්‍රවේශම් සහගත වෙන්න.

මකර රාශිය

නිර්මාණශීලී ක්‍රියා මාර්ගයන් යටතේ නව ජීවන රටාවක උදාවකි. තැම්පත් ධනය දේපළ සතුටු දායක බවට පාත්‍රවෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක විය හැකිය. 02 වැන්නෙහි ශනි දීප්ත යෝගය ද 09 වැන්න වූ භාග්‍යස්ථානගතව රවි, බුධ, චන්ද්‍ර ග්‍රහ බලයෙහි උදාසීන බවෙන් දුරස්වීම ඉතා ප්‍රශස්ත වෙන්නකි.

කුම්භ රාශිය

ලග්න ගත බලය සස යෝග බලය මෙන්ම ශනි දීප්ත යෝග බලය ද උදා කෙරෙයි. රවි, බුධ, චන්ද්‍ර, ග්‍රහ බලය පදිංචි ස්ථානගත කටයුතු දියුණුව කෙරෙහි ඉදිරියට ප්‍රබලව බලපානු ඇත. උත්සාහය, උනන්දුව දූ දරුවන් සමඟ දියුණුව ප්‍රබලව මතුවෙයි. තිරසාර විජයග්‍රහණ රැසක් උදාවෙයි.

මීන රාශිය

සබඳතා, හිතවත්කම්, විවාහ කටයුතු සතුටුදායක වෙයි. සතුටුදායක කටයුතු රැසකින් විජයග්‍රහණ උදාවෙයි. උණුසුම් සිතැඟියාවෙන් සතුටුදායක වෙයි. ශනි දීප්ත යෝග බලය ක්‍රියාත්මකයි. අසහනකාරී බවෙන් මිදෙනු පෙනී යයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.