2023.08.02 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 1, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.04 
ඉර බැසීම - ප.ව. 06.29 
 
රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා 
 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
විශ්වාසවන්ත ඇසුරක කටයුතු සැලසෙන දිනයකි. පියපස ඥාතියකු සමඟ ආරවුල්කාරී තත්ත්වයක් ඇති කර ගනී. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවකුගේ හිතසුව පිණිස කටයුතු කීපයක් සිදුකරගන්නා දිනයකි. 
 
වෘෂභ 
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. පවුලේ සතුටු සාදයකට කටයුතු සූදානමක් ඇති කර ගනී. යටපත් වූ චර්ම ගත ආබාධයක් නැවත මතු කරයි. ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. 
 
මිථුන 
ගතට සිතට පීඩාකාරී කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. 
 
කටක 
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. නිතර තම රූපය මෙන්ම බාහිර අලංකාරය පිළිබඳව ද වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. සතුරු කරදරයක් පැවැතියේ නම් ඒවා මඟහැරී යන බවක් පෙනේ. මුත්‍රා අමාරුවක් වැනි දෙයක් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. 
 
සිංහ 
හදිසි තීරණයක් ගැනීමෙන් තමාට නොසිතූ ගැටලුවක් මතුකරයි. දෛනික ආදායම් මාර්ග කීපයක් මඟ හැරී යන බවක් පෙනේ. වාහනයක් සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. ශරීර ශක්තිය හීන වන දිනයකි. 
 
කන්‍යා 
නිතර කතාවට කැමති දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. එහෙත් වංචා රැවටිලිවලට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. 
 
තුලා 
නිතර වැඩකටයුතු අධික වන දිනයකි. පහත් කෙනෙකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු පීඩාවක් ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. දුරගමනක් යෙදෙන දිනයකි. 
 
වෘශ්චික 
ගතට සිතට සැනසිල්ල අඩුකරයි. යොදාගත් සැලසුමකට බාධාගෙන දෙන දවසකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දවසකි. 
 
ධනු 
දරුවන්ගේ කටයුතුවලින් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ප්‍රමාදවෙමින් පැවැති යෝජනාවක් ස්ථිරවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. 
 
මකර 
පවුලේ සතුටට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හිතවතකුගේ සහයෙන් 
වැඩපිළිවලක් සාර්ථක කර ගනී. පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හුදකලාව තමන්ගේ පාඩුවේ කටයුතු කිරීමට සිතන දිනයකි. 
 
කුම්භ 
අසල් වැසි සිත් අමනාපයකට හේතු සැලසෙන දිනයකි. නිතර මනසට පීඩාකාරී බවක් ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. විවාහ යෝජනාවක් ස්ථිර වීමක් හෝ අලුත් යෝජනාවක් පැමිණෙනු ඇත. වෙනදාට වඩා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු දිනයකි. 
මීන 
 
අලුත් ඥාති සබඳතාවයකට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා සතුටින් දවස ගත කරන බවක් පෙන්වයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.