2023.07.29 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 28, 2023

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.30

රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වා

සුබ දිශාව - දකුණ

 

මේෂ

නියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින් බාධා ඇති වේ. කරදර සහිත දවසකි. සිතට සැකයක් ඇතිව සැම දෙයක්ම කරන්නට සිදුවේ. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකි දිනයකි.

වෘෂභ

සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර ආගමික කටයුත්තකට සහභාගි වීමටද ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළුවෙන් හෝ ආබාධයක් ඇති කරයි.

මිථුන

මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවනු ඇත. පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු කරදර පැවතියේ නම් ඒවා මඟහැරී යයි. සිතේ චංචල ගතියක් ද ඇතිවනු ඇති කරයි.

කටක

සිතේ සතුට අඩුව යන දිනයකි. බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා පැන නැඟීම නිසා හිතට දුක් සහිත ගතියක් ඇති කරයි. බාහිර කරදරවලට පවා මුහුණ දීමට සිදුවේ. අජීර්ණ රෝගවලට ද හේතු ඇති කරයි.

සිංහ

කරදර, සිත්තැවුල්, වැඩකටයුතුවලට බාධා ගෙනදෙනු ඇත. සැක සහිතව කටයුතු කරන දිනයකි. අධික වියදමක් දැරීමට සිදුවේ. කරගෙන එන කටයුතුවලට බාධාවීමක් හෝ ප්‍රමාදයක් පෙන්නුම් කරයි. හිතවතකුගෙන් ත්‍යාගයක් ලැබීමටද ඉඩ ඇත.

කන්‍යා

මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි දිනයකි. අතමිට මිල මුදල් හිඟවීම නිසා හුදකලාව තමාගේ පාඩුවේ කල්පනා කරමින් සිටීමට පෙළඹෙන අවස්ථාවන් ද ඇතිවේ. ධෛර්යමත්ව වැඩ කිරීමට සිතුවත්, එසේ කිරීමට අපහු වන ලෙස බාධා පැමිණේ.

තුලා

වියදම් අධික වේ. මුදල් හානි ගෙන දෙනු ඇත. තමා කෙරෙහි අන් අය අතර පැවති ගෞරවය පිළිගැනීම අඩුව යන දිනයකි. දියුණුවට ඇති මාර්ගවලට බාධා ප්‍රමාදවීම් ඇති කරයි. අලාභ හානි, සිත් තැවුල් කථාව නිසා ද ඇති වනු ඇත.

වෘශ්චික

හිතේ සතුටට කරුණු යෙදුණත් එය පවතින්නේ ස්වල්ප වේලාවකි. කෑමක් බීමක් පිළිබඳව අමුත්තක් සිදුවිය හැකිය. සුළු සුළු ලාභ ලැබීමට ද හැකි දිනයකි. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත.

ධනු

කරගෙන යන කටයුතු ඇණ හිටීමට හෝ ප්‍රමාදවීමට පාඩු සිදු වීමට ඉඩ ඇති දිනයකි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද සිදුවිය හැකිය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන දිනයකි. කේලාම් ඕපාදූප කතා නිසා සිත් තැවුල් ඇති කරයි.

මකර

ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කරුණු යෙදෙනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීම් යහපත් වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වන අතර සමාජය ද ඔබට පි‍්‍රය කරයි.

කුම්භ

දියුණුව ඇතිවන අතර බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් ලාභ, රසවත් ආහාර පාන ලැබීමටත් යහපත් දිනයකි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත්වේ. සිතේ සැනසිලිදායක තත්ත්වයක් ඇතිවනු ඇත.

මීන

ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. දුර ගමනක් යාමට හෝ පිට පළාතක සිටින අයකු ගැන මතකයට එයි. සිත්තැවුල් කණගාටු ඇතිවීමට ද කරුණු යෙදේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ශ්‍රද්ධාව ඇති කරයි.

ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.