බුධ ආදිත්‍ය යෝග බලැතිව ඔක්තෝබර් 02 දා රසකාමී සිකුරු සිංහයට එයි

සැප්තැම්බර් 15, 2023

 

රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.

නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05.13ට කන්‍යා රාශිගත වෙන තුරු මා නැකතේ 01,02,03,04 යන පාදත් පුවපල් නැකැතේ 01,02,03,04 යන පාදත් උතුරුපල් නැකැතේ 01 පාද නවයක් කේතු, සිකුරු රවි ග්‍රහයන් අශි‍්‍රතව සිංහ රාශිය මේෂ නවාංශකය යෙදෙමින් නැඟෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි මිථුන රාශියෙහි රසකාමී සිකුරු සතුරුවෙමින් 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද රවි සමව අඟහරු සතුරුව උච්චමූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව , ඤාණකාරක බුධ ග්‍රහයා 04 වැන්නේ ද කේතු සතුරුව 05 වැන්නේ ද වක්‍ර ප්ලූටෝ සතුරුව 08 වැන්නේ ද කේතු සතුරුව 05 වැන්නේද වක්‍ර ප්ලූටෝ සතුරුව 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 09 වැන්නවූ භාග්‍ය ස්ථානගතව ද වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍රව ත්‍රිකෝණව 10 වැන්නවූ කර්මස්ථාන ගතවද රාහු සතුරුව චන්ද්‍රයා සමව වක්‍ර යුරේනස් සමව වක්‍ර බ්‍රහස්පති මිත්‍රශීලිව 11 වැන්නවූ අයස්ථානගතව ද බුධ ග්‍රහයා 22 වෙනි මාරක දෙර්කාණාධිපති බ්‍රහස්පති බාධක ග්‍රහයා ලෙස ද සිකුරු මාන්ද්‍රිග්‍රහයා ලෙසට ද සෞරග්‍රහ මණ්ඩලයෙහි විද්‍යමාන වන්නේය. මේ අනුව වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතර ම සස යෝග බල උදාවෙන්නේය.

ග්‍රහ වක්‍ර රැල්ල මෙන්ම සතුරු ග්‍රහරැල්ල ද පෙනී යනු බැවින් දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවීම් නිර්මාණය වෙයි. දෙපාර්තමේන්තු, සංස්ථා, ආමත්‍යාංශ ආශි‍්‍රතවද ප්‍රධානියන් ආශි‍්‍රතවද දැඩි උණුසුම්කාරි බවක් උද්ගත වෙනු ඇත.

රාජ්‍ය ත්‍රාන්ත්‍රික පාලක පක්ෂයට මෙන්ම දෛනික ජන ජීවිත මූල්‍යමය ගැටලු පැන නැඟිය හැකිය. භාණ්ඩ ආනයන ධාරිතාව දෛනිකව තීව්‍ර කෙරෙන අතර, අපනයන ධාරිතාව ශුන්‍ය බවට පාත්‍ර කෙරෙයි.

ළමා පරපුර කෙරෙහිද සතුටුදායක කාල පරාසයක් උදාවන බවක් පෙන්නුම් කෙරෙයි.

හදිසි මාරාන්තික අනතුරු , සත්ව, මිනිස්, ඝාතන රැල්ල, ගිණිගැනීම්, ගිණිතැබීම්, පාරිසරික විපත්ති, කාලගුණික, දේශගුණික විපරීත විපර්යාස, අයිස්කඳු, ගිණිකඳු, ස්වභාවික කඳු, කඩා වැටීම්, මහා මාර්ග නාවික, ගුවන්, අනතුරු, මුහුදු ආශි‍්‍රත රළුවීම්, නිර්මාණය වී යාමෙහි ප්‍රවණතාවයක්.

සිකුරුගේ සිංහ රාශි සංක්‍රමණයෙන් විද්‍යමාන කෙරෙයි.

 

මේෂ රාශිය

අරමුණු කරණා ලද සිතැඟියාවන් ද දූ දරු දැරියන් ඇතුළුව පදිංචි ස්ථාන, භූමි ආශි‍්‍රත ගැටලු සහගත බවක් පෙන්නුම් කරයි. රැකියා ආදායම් මාර්ග, සබඳතා විවාහය, සොර සතුරු බලවේග නිර්මාණය විය හැකිය. හිස, උදරය, යටිබඩ, වකුගඩු, මළමුත්‍ර මාර්ග, දණ හිස, පාද ආශි‍්‍රත රෝගාබාධ ඇති කරයි. උරහිස් අමාරු බලපායි.

 

වෘෂභ රාශිය

පදිංචි නිවසෙහි සතුරෙක් මෙන් ප්‍රබල රෝගියෙකු සිටින බැව් පෙනී යයි. පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දනහිස්, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධක මතුවිය හැකිය. පදිංචි භූමියෙහි මෙන්ම එහි ඉදිරි පස ද අදෘශ්‍යමාණ සතුරු බලවේග ඇති විය හැකිය. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කරන්න.

 

මිථුන රාශිය

රැකියා ආදායම් මාර්ග, කෙරෙහි සතුටු දායක බවක් ගනු ලබයි. අරමුණූ කළ කරුණු කාරණා කීපයකට බාධක අවහිරතා බලපානු ලබයි. ගෘහ ජීවිතයෙහි කලක සිට පැවැති අර්බුද වඩාත්ම අවුල් සහගත විය හැකි බැවින් දූරදර්ශීව කටයුතු කළ යුතුයි.

 

කටක රාශිය

ධනය, බලය, ශක්තිය දුර්වල වෙයි. රවි බුධ පාප කර්තරීව 3 වැන්න වික්‍රමස්ථානගතව ඇත. පදිංචි භූමිය, නිවාසය ද රැකියා ආදායම් මාර්ගයන් ද ආකූල ව්‍යාකූල බවට පාත්‍රවෙයි. සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකවී ඇත. මිල මුදල් සමඟ රැකියා ආදායම් මාර්ග ක්ෂේත්‍රයන්හි බාධක අවහිර දුෂ්කරතා මතුවිය හැකිය.

 

සිංහ රාශිය

හිස, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය , දනහිස, පාද, ආශි‍්‍රත රෝගාබාධක වරින්වර තමාට හෝ ස්වකීය පවුල් ඒකකයේ කෙනකුට බලපානු ඇත. කේතු ශුක්‍ර ගෙන් රවි බුධ පාපකර්තරී වූ බවක් පෙන්නුම් කෙරෙනු ඇත. අරඹනු ලබන කටයුතු ආකූල ව්‍යාකූල විය හැකි බැවින් ශුභ මුහුර්තයෙන් කටයුතු කළ යුතුය.

 

කන්‍යා රාශිය

උසස්වීම්, විජග්‍රහණ, රැකියා ආදායම් මාර්ග බොහෝදුරට සාර්ථක විය හැකිය. සබඳතා විවාහ ආරම්භක කටයුතු සඳහා ශුභවාදී කාල පරාසයකි භූත බහිරව දෝෂයන් බලපානු පෙනී යයි. හිස, මුහුණ, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රත වරින්වර රුදා වේදනා දැවිලි ස්වභාවයක් යෙදී ඇත.

 

තුලා රාශිය

දෙස් විදෙස් සංචාරක රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙයි. උත්සාහය, උනන්දුව ඇත්නම් සියලු අභියෝගයන් අබිබවා ඉදිරියටම යා හැකය. ජලදෝෂ, ශර්පතාප දෝෂ, කර්මදෝෂ බලපානු ඇත. හිස, පපුව, යටිබඩ, වකුගඩු, පාද ආශි‍්‍රත රෝගාබාධ බලපානු ලබයි.

 

වෘශ්චික රාශිය

04 වැන්නෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරුගෙන් පංච මහා පුරුෂ යෝගපලය උදාව ඇත. එහෙත් 11 වැන්න වූ අයස්ථානගතව ශුභවාදී බුධ ආධිත්‍යය යෝගය කේතු සහ සිකුරුගෙන් පාප කර්තරී වී ඇත. එබැවින් ආදායම් මාර්ගයන් ඇතුළුව අපේක්ෂා සහගත සියල්ල බාධක විය හැකිය.

 

ධනු රාශිය

10 වැන්න වූ කර්මස්ථානගතව රවි බුධ ආධිත්‍යය යෝග බලය ඇතත් 9 -11 පාප කර්තරී වී ඇත. 09 ශුක්‍ර සතුරුව කේතු සතුරුව බලපායි. හදිසි තීරණ තීන්දු ගැනීමෙන් තොරවීම යහපත උදාකරයි. තැන්පත් ධනය, රැකියා ආදායම් මාර්ග, උත්සාහය, උනන්දුව යන කරුණු කාරණා බොහෝ දුරට වෙනස්වන ස්වභාවයක් ගනු ලබයි.

 

මකර රාශිය

රවි බුධ ආධිත්‍ය යෝගය සිකුරු කේතුගෙන් පාපකර්තරීව ඇත. පදිංචියෙහි ඉදිරි දෙසින් සතුරු බාධක දෙකකි. පදිංචි භූමිය නිවාසයෙහි දියුණුවට බාධක අවහිර දුෂ්කරතා බලපානු ඇත. නමුත් නිර්මාණශීලිය, උත්සාහවන්තය.

 

කුම්භ රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගබලය ලග්නාධිපතිගෙන් උදාකර උසස් දියුණුවක් උදා කෙරෙයි. සමාරම්භක කටයුතු අතිශය සාර්ථක කෙරෙයි. උසස්වීම්, විජයග්‍රහණ උදාකෙරෙයි. නිවාසයට සබඳව සතුරු බලවේගයක් සමඟ නිවසට ඉදිරි දෙසින්ද සතුරු බලවේග උදා කෙරෙනු ඇැත. මුහුණ , උරහිස්, යටිබඩ කොන්ද, තුනටිය ආශි‍්‍රත රෝගාබාධ ඇති කරයි.

 

මීන රාශිය

උත්සාහය, උනන්දුව මත අභිමතාර්ථයන් සඵල කෙරෙයි. රවි බුධ පාප කර්තරී වී ඇත. සතුරු ජනයාගෙන් ප්‍රවේශම් වීම ඉතාම යහපත් වෙයි. සබඳතා, විවාහ කටයුතු සාර්ථක කෙරෙයි. මුහුණ, කොන්ද තුනටිය, යටිබඩ, වකුගඩු, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධ ඇති කරයි. නිර්නාමික සොර සතුරු බලවේග රෝග මතු කෙරෙයි.

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

------------------------------

රවි කන්‍යාවට යයි කෝණ මාසය ඇරැඹේ

 

සැප්තැම්බර් 17 වැනිදා සවස 1.30ට රවි කන්‍යා ලග්නයට පිවිසීමත් සමඟ කෝණ මාසය ඇරැඹේ. එහි බලපෑම ඔක්තෝබර් මස 18 වැනිදා පෙරවරු 1.29 ට රවි තුලා රාශිගත වන තුරු පවතී. සාමාන්‍ය ජ්‍යොතිෂ සම්මතයට අනුව කෝණ මාසයේදී අධ්‍යාපන කටයුතු හැර වෙනත් සියලු මංගල සම්මත කටයුතු ලෙස සලකන විවාහ කටයුතු, ගෙපළ කැපීම්, ගෙවැදීම්, මුල්ගල් තැබීම් ආදි ක්‍රියාවන්හි නිරත වීම නුසුදුසු බවට සැලකෙයි. කෙසේ වෙතත් කෝණ මාසය තුළ වුවද ඔබගේ ජ්‍යොතිෂවේදියාගේ උපදෙස් අනුව අවශ්‍ය සුබ නැකැත් යොදා ගැනීමේ ක්‍රම සහ අවස්ථාව ඇති බව පොත පතේ සඳහන් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.