වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට සස යෝග බලය උදාවෙද්දී බුධ කුජ ග්‍රහයන් සටනක

ඔක්තෝබර් 13, 2023

බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්

ස්වාභාවික විපත් තවත් දැඩි වෙයි

එළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්‍රහ යුද්ධයකට අවතීර්ණය වෙයි.

ශ්‍රී ලාංකේය ජනරජ රවි හිමි සිංහ රාශි සටහනෙහි 10 වැන්න වූ කර්මස්ථානය අධිපති සිකුරු හිමි වෘෂභ රාශි උදාවෙහි නීච රවි සමඟ මිත්‍රශීලී බුධද සමවූ අඟහරු ද රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේ බුධ කුජ ග්‍රහ යුද්ධය සිදුවෙනු ඇත. මෙකී මොහොතට උදාවන වෘෂභයටද 06 වැනි භාවයටද අධිපති සිකුරු 04 වැන්නේ සතුරුව තැන්පත්ව විපක්ෂ කෙරෙහි ප්‍රබල ග්‍රහ චලිතයක යෙදෙයි. පාලක පක්ෂයේ 10 වැන්නේ ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට ශනිගෙන් සස යෝගබලය උදාවෙමින් බුධ, කුජ සටන සිද්ධ වෙන්නේ ය. අභියෝගාත්මක ත්‍රස්ත මැර පසුබිම ව්‍යර්ථ කරවන කුජගේ වීර වික්‍රම කිරණ රශ්මිධාරා සෞරග්‍රහ මණ්ඩලයෙහි දසත පතුරුවමින් ගෞරවණීය තේජාන්විත බවක් අධිකරණ ක්ෂේත්‍රයෙහි පතුරුව නු ඇත.

වසංගත රෝග පීඩාදිය ඉහවහයමින් සිංහ ජනරජ කේන්දර සටහන පමණක් නොව අඟහරු හිමි මේෂ රාශියට අයත් ලෝක කේන්ද්‍ර සටහනටද අනුව බලන කල මෙය සුවිශේෂී බවක් විද්‍ය මාන කෙරෙනු ඇත. උදාරාශිගතව 7 - 12 භාවාධිපති අඟහරුගේ විජයග්‍රහණයෙහි දී ජනතා නැඟිටීම් දස දිශාගතව ඇවිලෙනු ඇත. සියලු ආගමික අංශවල ගැටලුකාරී ස්වභාවයන් ලොව පුරා දක්නට ලැබෙයි. නවතම නීතිරීති සමඟ ක්‍රියාකාරබවෙන් ප්‍රමාදදෝෂයට පාත්‍රවූ දැඩි නීති දෙස් විදෙස් වශයෙන සංශෝධනය වීම දක්නට ලැබෙනු ඇත. ඥානකාරක බුධගේ පරාජය විශ්වය පුරා අධ්‍යාපනික පැතිකඩ ආශි‍්‍රත ක්‍රියාකාරකම් මන්දගාමී කිරීමට තුඩු දෙනු ඇත. නීතියට පිටුපාන්නන් නීතියේ රැහැනට හසු වනු ඇත. සාමකාමී දේශපාලනික ගමන් මඟට බාධක අවහිර දුෂ්කරතා ගෙනෙන පිරිස් මර්දනය කෙරෙනු ඇත. නාවික, ගුවන්, මහාමාර්ග, වරාය ඇතුළුව දුම්රිය ආශි‍්‍රතවද ගමනාගමන සේවක සේවිකා අකුරට වැඩ කිරීම් වැනි අපහසුතා මතු වනු දැකිය හැකිය. විදේශ සම්බන්ධතා, සංචාරක සේවා වර්ධනය, වෙළෙඳ කටයුතු ආදිය අඩපණවීමක් ප්‍රබලව ඉස්මතු විය හැකිය.

ත්‍රස්තවාදී ක්‍රියා හිස එසවීමේ අවදානමක් ද පවතින බැවින් පූර්ව සූදානමකින් කටයුතු කිරීම වඩාත් සුදුසු වනු ඇත. මහජනතාව උසිගැන්වීමේ ක්‍රියා තැනින් තැන දක්නට ලැබෙනු ඇත. එබැවින් සියලු ජනතාව බුද්ධිමත්ව හැසිරෙමින් මානුෂීය ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කිරීම ශුභවාදී වේ. එකිනෙකා අබිබවා යෑමට වඩා අවිහිංසාව අවංකබව යහපත් චරිතය සත්‍ය වචන ශුභවාදී සංකල්පනා පොදුජනතාව අතර වර්ධනය කරගැනීම වඩාත් සුදුසු කාල පරිච්ඡේදයකි.

 

මේෂ රාශිය

මානසික ස්වභාවය යහපත් අතට හැරෙන කාලයකි. පදිංචි නිවහන ස්වකීය පවුල් ඒකකය පිළිබඳවද අවධානය ශුභවාදීව යොමු කරලීමට යහපත් වෙයි. ආත්ම ගෞරවය ඉහළින්ම සළකයි.

වෘෂභ රාශිය

10 වැන්න වූ කර්මස්ථානගත පංචමහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය මත රැකියා ආදායම් මාර්ග දේපොළ වස්තු ඉඩකඩම්, නිවාස, ව්‍යාපාරික, ක්ෂේත්‍රයන්ගේ උපරිම දියුණුව ප්‍රගතිය ගෙනදෙනු ඇත. ශාරීරික සෞඛ්‍යය කෙරෙහි සුවිශේෂී අවධානයකින් සිටීම ශුභවාදිවෙයි.

මිථුන රාශිය

බුධ හිමි මිථුන රාශි හිමියනට 01 - 04 අධිපති බුධ ග්‍රහයා පරාජිතව නීච රවි සමඟ 05 වැන්නේ ය. 05 වැන්නෙහි කුජ රවිගෙන් හා සිකුරුගෙන් පාප කර්තරීවී ඇත. මේ අනුව මාර්ග අනතුරු, පාරිසරික අනතුරු,

සොර සතුරුබලවේග කෙරෙහි අවධානය ශුභවාදි වෙයි.

කටක රාශිය

රැකියා ආදායම් මාර්ගයන්හිදී මෙන්ම පදිංචි ස්ථානගත ප්‍රගතිය ද ආකූල ව්‍යාකූල බවක් ගන්නා සුලුවෙයි. බොහෝ දුරට ආදායම් මාර්ග කෙරෙහි නිතරම අවධානය යොමු කෙරෙයි. අනාරක්ෂිත කටයුතු අත්හැරීම වැදගත් වෙයි.

සිංහ රාශිය

ශනි දීප්ත යෝග බල මෙන්ම සස යෝග බලය යෙදී ඇත. උත්සහය උනන්දුව බොහෝ දුරට දුරු වෙයි. සිතැඟියාවන් සාර්ථකත්වය ගෙනදෙන සතුටුදායක පසුබිමක් උද්ගතවෙයි. පවුල් ජීවිතය ආශි‍්‍රතව සතුටුදායක බවක් හේතුවෙයි.

කන්‍යා රාශිය

10 වැන්න සහ ලග්නයට අදාළ ව හැලහැප්පිලි බාධක ගෙනදිය හැකිය. රැකියා ආදායම් මාර්ග මෙන්ම සාමකාමී සහ ජීවනයට අදාළ පසුබිම නිර්මාණය වේ නාමික සොර සතුරු බලවේග මඟින් ආකූල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙයි. හදිසි තීරණ තීන්දු නොගෙන කටයුතු කිරීම වැදගත් වේ.

 

තුලා රාශිය

අයස්ථානය සිකුරුගෙන් දුර්වල වී ඇත. සාර්ථකත්වය උසස්ම දියුණුවක් ලබාගත හැකිය. ශනි දීප්ත නම් ප්‍රබල යෝගය 05 වැන්නේ ද ‘සස’ නම් පංචමහා යෝගබලය ශනිගේ ස්වක්ෂේත්‍ර ත්‍රිකෝණබලය මත පදනම් වී ඇත.

වෘශ්චික රාශිය

ශනිගෙන් සස යෝග බලය මෙන්ම පංච මහා පුරුෂ යෝග බලය ජම්මලාභීන්ගේ 04 වැන්නට යෙදී ඇත. එසේම ශනි දීප්ත යෝගයද සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කර දෙනු ලබන කර්ම ශක්තියකි. ජීවිතයේ උසස් බවක් නිර්මාණය කොට ගත හැක.

ධනු රාශිය

උත්සාහය උනන්දුව මත බොහෝ දුරට ශක්තිමත් ජීවිතයක් ගොඩනඟාගත හැකිය. බුධ, කුජ, සෙනසුරු බාධක ග්‍රහයන් වෙයි. 07 - 10 අධිපති බුධ පරාජිතව අඟහරු විජයග්‍රහණය කොට ඇත. රැකියා ආදායම් මාර්ග කෙරෙහි අවධානය විශේෂයෙන් සිදුවීම ශුභයි.

මකර රාශිය

පදිංචිය ද රැකියා ආදායම් මාර්ගයන්ද ඇතුළුව වර්තමාන ක්‍රියාකාරකම් උසස්ම තත්ත්වයකට පාත්‍ර කෙරෙන ශනි දීප්ත යෝගය මෙන්ම ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වූ ජවබල සම්පන්න ලග්නාධිපති 02 වැන්න වූ ධනස්ථානගතව ඇත. උත්සාහය වැදගත්.

කුම්භ රාශිය

ලග්නාධිපති උසස්ම ලෙස පංචමහා පුරුෂ යෝග බලැතිව ද ශනි දීප්ත යෝග බලැතිව ලග්නයෙහි සස යෝග බලය උදාකරමින් තැන්ම්පත්ව ඇත. උත්සහය උනන්දුව අතිශය වැදගත් වෙන කාලයකි.

මීන රාශිය

රවි නීචව උත්සාහය උනන්දුව බාල කෙරෙමින් ශනි දීප්ත යෝග බලැතිව 12 වැන්නෙහි සෙනසුරු ද විරාජමානවෙයි. ශාරීරික සෞඛ්‍යය දුර්වලවී යාමක් පෙනී යයි. උත්සාහය උනන්දුව විජයග්‍රහණය උදාකරයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.