බ්‍රහස්පති-යුරේනස් මේෂ රාශි‍ෙය් වක්‍ර වෙයි

ලග්න අටකට සුබපල-හතරකට මිශ්‍රපල
අගෝස්තු 25, 2023

සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය. මෙම වක්‍රය සැප්තැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා දින 119ක් පුරා පවතිනු ඇත. දෙසැම්බර් 31 දින පෙරවරු 8.12 ට බ්‍රහස්පති යළි නිවෘත වන්නේ ය. මේ සමඟ අගෝස්තු 29 වැනි දින යුරේනස් ග්‍රහයාද මේෂ රාශියේ වක්‍ර වන්නේ ය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති හිමි මීන රාශිගත වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව ලග්නගතවද රාහු සතුරුව බ්‍රහස්පති වක්‍රව මිත්‍රශීලිව චන්ද්‍රයා සමව වක්‍ර යුරේනස් සමව 02 වැන්නවූ ධනස්ථානගතවද ස්වක්ෂේ‍්‍රතව මුල ත්‍රිකෝණව ආත්මකාරක රවිද වක්‍ර බුධ මිත්‍රශීලිව රෝග සතුරු හය වැන්නේ ද අඟහරු සතුරුව 07 වැන්නේ ද කේතු සතුරුව 8 වැන්න වූ මෘත්‍යු ස්ථානගතවද ප්ලුටෝ සතුරුව වක්‍රව 11 වැන්න වූ අයස්ථානගතවද සෙනසුරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව වක්‍රව 12 වැන්නේ ද සිංහාසන බුධ ආධිපත්‍ය යෝගය බලැතිව පවතී.

යුරේනස් ග්‍රහයා තාක්ෂණික මෙන්ම යන්ත්‍ර සූත්‍ර කාර්මික ඥානයටද පෘතුවියෙහි කෘත්‍රිම නිෂ්පාදන ධාරිතාවය දියුණු කිරීමටත් නවීණ විද්‍යාත්මක දියුණුවටද මහෝපකාරී වන ග්‍රහයෙකි. යමක හෝ යමකුගේ හෝ පිරිසකගේ පවතින ගතානුගතික ස්වභාවය දුරුකර නවතාවයකට අවතීරණය කරවීම යුරේනස් සතු හැකියාවකි. මෙලෙස යුරේනස්ගේ වක්‍රවීම සහ සුර ගුරුගේ වක්‍රවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ආකූල ව්‍යාකූල බවකට පත්වන ලකුණු විද්‍යමාන වේ. එහෙත් නව ආදායම් ක්‍රමවේද කෙරෙහි ජනතාවගේ උනන්දුව උද්‍යෝගය වැඩිවන අයුරු දක්නට ලැබේ. එලෙසම තරුණ පිරිස් ආගම දහමට යොමුවිය යුතු කාලයක පෙර නිමිති විද්‍යාමාන වේ.

 

මේෂ රාශිය

මනසේ පහළවෙන සිතැඟියාවන් වෙනස්වනසුලු බවකට තුඩුදෙයි. යුරේනස් මෙන්ම බ්‍රහස්පති වක්‍රවීද රාහු සතුරුවද ලග්නගතව ඇත. ස්ථානගත, භූමිගතව පවතින ග්‍රහචලිතයන් දරුණු වී ඇත. හිස, උදරය, බඩ, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රතව වරින් වර රෝගාබාධ ඇතිවේ. දරු දැරියන් ආශි‍්‍රත ප්‍රශ්න මතු කෙරෙයි. පින්දහම් කටයුතු මෙන්ම ආධ්‍යාත්මක දියුණුවට පාත්‍ර වන කටයුතු සිදු කිරීමෙන් අපලකාරී තත්ත්වය මඟ හරවා ගත හැකිය.

 

වෘෂභ රාශිය

ජන්ම පත්‍රයෙහි 12 වැන්නෙහි ගුරු, යුරේනස් වක්‍රවී රාහු සතුරුවීමද මේ වක්‍රග්‍රහ රැල්ල හේතුකොටගෙන අවහිර බාධක ප්‍රබලව මතු කෙරෙයි. හදිසි තීරණ ඉක්මන් කෝප යෙදෙයි. එහෙත් චිත්ත ශක්තිය බොහෝ දුරට දුර්වල වෙයි. පපුව, උදරය, බඩ, යටිබඩ, මලමුත්‍ර, වකුගඩු, කොන්ද තුනටිය, පාද ආශි‍්‍රතව දැවිලි පිච්චිලි රුදා වේදනා වරින්වර මතු කෙරෙයි. සිතැඟියාවන් දුර්වල විය හැකිය.

 

මිථුන රාශිය

රැකියා ආදායම් මාර්ග කටයුතු උසස් බවක් ගනු ලබයි. පවුලෙහි පි‍්‍රය සම්භාෂණ ඇතිවෙයි. එහෙත් බොහෝ දුරට අයස්ථානය දුර්වල කෙරේ. රෝගාබාධ සතුරු උපද්‍රව මතුවෙයි. උරහිස්, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය ආශි‍්‍රතව දණහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධ මතු කෙරෙයි. සතුරු බිය ද රෝග බියද පවතින ග්‍රහචාරයෙන් උත්සන්න වෙයි. කල්පනා ශක්තිය දුර්වල වී යා හැකි බැවින් ප්‍රවේශම්වන්න.

 

කටක රාශිය

දුර බැහැර ගමන් ඇතිවෙයි. උදාසීන ගති අවහිර බාධක නොමැත. ආරම්භක කටයුතු අවසානය දක්වා කරනු ලබයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙයි. සෙනසුරු අෂ්ඨම මාරක ඒරාෂ්ටකයක් යෙදී ඇත. 02 වැන්න වූ ධනස්ථානගතව බිහිසුණුබවක් මතු කෙරෙයි. බාධක අවහිර මැඬගෙන අභියෝග ජයගනු ලබයි. ප්‍රචණ්ඩත්වය දුරු කරයි. හිතවාදී සිතිවිලි පහළ කෙරෙයි. මුහුණ, උරහිස, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, හිස රුදා වේදනා මතු කෙරෙයි.

 

සිංහ රාශිය

09 භාග්‍යස්ථානාධිපති 02 වැන්න වූ ධනස්ථානගතව සතුරුව ද භාග්‍යස්ථානගත ගුරු යුරේනස් වක්‍රවද රාහු සතුරුවද යෙදී ඇත. බුධ, ප්ලුටෝ, ශනි, නැප්චූන්, ගුරු, යුරේනස් වක්‍ර රැල්ලක ද යෙදීම අසිරිමත් සිදුවීම් රැසක් විද්‍යමාන කිරීමකි. රාජ්‍ය අංශයෙහි මෙන්ම පෞද්ගලික අංශයෙහි ක්‍රියාකාරකම් සාර්ථක කෙරෙයි. පෞර්ෂත්වයද ප්‍රෞඪත්වයද මතු කෙරෙයි. හදිසි ආපදාවලට හේතුයි.

 

කන්‍යා රාශිය

උසස් අධ්‍යාපනය, දෙස් විදෙස් සංචාර, දියුණුව, ප්‍රගතිය මතු කෙරෙයි. නිර්නාමික නාමික සතුරු බලවේග දුරු කෙරෙයි. සෞරග්‍රහ මණ්ඩලය පාපකර්තරීවීම බොහෝ දුරට ශාරීරික ආපදා විපත්තිවලට හේතුයි. හිස, මුහුණ, උදරය, යටිබඩ, මල මුත්‍ර ආශ්‍රිතව වකුගඩු, උරහිස්, කොන්ද තුනටිය, පාද ආශි‍්‍රතව රුදා වේදනා, දැවිලි, පිච්චිලි ආදියට හේතුවෙයි.

 

තුලා රාශිය

විදෙස් සංචාරක ආදියෙන් දියුණුවට පාත්‍රවෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සතුටුදායක වෙයි. ගොඩමඩ ඉඩකඩම්හි වගා කටයුතු සරු වෙයි. පි‍්‍රය සම්භාෂණ උත්සාහය මත පදනම් වෙයි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. ආගමික සමාජ සේවා කටයුතු බහුල කෙරෙයි.

 

වෘශ්චික රාශිය

රෝග සතුරු ස්ථානගතව යුරේනස් බ්‍රහස්පති වක්‍රවෙයි. කඩාකප්පල්කාරී බාධක දුරුවෙයි. සුහදතාව තුළින් දෙස් විදෙස් රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. උරහිස, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව දැවිලි පිච්චිලි රුදාවේදනා මතුවෙයි. පවුලෙහි සාමය සමඟිය ළඟා කෙරෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක බවක් ගනු ලබයි.

 

ධනු රාශිය

නවතම ආදායම් මාර්ගද සිතන පරිදි සාර්ථක වෙයි. උසස් අධ්‍යාපනයකටද දෙස් විදෙස්ගත රැකියා ආදායම් මාර්ග දියුණුව මානසික තත්ත්වයක් හා යහපත් සිතුවිලි තවදුරටත් දියුණු කරයි. සමාජ සුබසාධන සේවා දියුණු වෙයි. ජනතාවටද ප්‍රසන්න වෙයි. මුහුණ, උරහිස්, පපුව, උදරය, යටිබඩ, මලමුත්‍ර ආශි‍්‍රත වකුගඩු, කොන්ද තුනටිය පාද දණහිස් ආශි‍්‍රතව වරින්වර රුදා වේදනා හටගනු ලබයි.

 

මකර රාශිය

පදිංචි ස්ථානගත මතභේද ආකූල, ව්‍යාකූල ගැටලු මතු කෙරෙයි. ලග්නාධිපති 02 වැන්න වූ ධනස්ථානගතව හදිසි ධන වාසනා උදා කෙරෙනු ඇත. නිර්මාණකරණයේ යෙදෙන්නන්ට ප්‍රසිද්ධිය ලැබෙන සමයකි. උසස් අධ්‍යාපනිකව කටයුතු රැකියා ආදායම් මාර්ගද සතුටුදායක බවක් ගනු ලබයි. නීති ප්‍රශ්න මතුවිය හැකිය.

 

කුම්භ රාශිය

03 - 10 අධිපති අඟහරු 08 වැන්න වූ මෘත්‍ය ස්ථානගතවීමද 03 වැන්නවූ වික්‍රමස්ථානය දුර්වල ස්වභාවයට පාත්‍රවී තිබීම යුගකාලීන වත්මන් අර්බුද රැල්ලක් නිර්මාණයයි. තිරසර හැඟීම් අරමුණු අවුල්සහගත විය හැකිය. උසස් අධ්‍යාපනයට බාධක මෙන්ම ශාරීරිකව බලපවත්නා රෝගාබාධක නොසිතූ පරිදි මතුවනු පෙනී යයි. නව ජීවන ගමන්මඟකට රන් දොරටුව විවර වෙයි.

 

මීන රාශිය

බොහෝ දුරට ගතව යන කාලපරාසය විධිමත් ක්‍රමවත් ජීවන ගමන් මඟකට නැඹුරු කෙරෙයි. ආශි‍්‍රත වූ ප්‍රභූ ජනයාගේ ආශීර්වාදය ළඟා කෙරෙනු ඇත. බොහෝ දුරට රැකියා ආදායම් මාර්ග සාර්ථක විය හැකිය. මුහුණ, යටිබඩ, මලමුත්‍ර, වකුගඩු ආශි‍්‍රතවද කොන්ද තුනටිය, කලව, පාද ආශි‍්‍රත ආපදා මතුවිය හැකිය. ආශීර්වාදාත්මක වර්තමාන කාල පරාසය යහපත ගෙන දෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.