වෘෂභ-සිංහ වෘශ්චික-කුම්භ රාශිවලට සස යෝගය මීන ලග්නයට සිංහාසන යෝගය

සැප්තැම්බර් 28 දා බුධ අස්ත වෙයි
සැප්තැම්බර් 22, 2023

 

පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානි

ලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්‍රවණතාවක්

දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස

 

අගෝස්තු 24 වැනිදා රාත්‍රී 01.31 ට ඤාණකාරක බුධ වක්‍රය උදාවී සැප්තැම්බර් 28 ගුරු දින පස්වරු 04.55ට රවි හිමි සිංහ රාශියෙහි අස්ථ වූයේය. ඒ සමඟම ශ්‍රී ලංකා සිංහ රාශි කේන්දර සටහනට මෙන්ම විශ්ව කේන්දර මේෂ රාශි සටහනටද සමානුකූල විපරීත ග්‍රහචලිතයක් මෙදින සිදුවන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශි උදාවෙන් චන්ද්‍රයා සමව වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණවූ ද වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරටම සසයෝග බලය නිර්මාණය වේ. සිකුරු සතුරුව රෝග ස්ථානය වූ 06 වැන්නේද බුධ මිත්‍රශීලිව අස්තවම 07 වැන්නේද රවි සමව අඟහරු සතුරුවු 08 වැන්නවූ මෘත්‍යු ස්ථාන ගතවද කේතු සතුරු වෙමින් 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතවද 12 වැන්න වූ වැය ස්ථානගතව ප්ලූටෝ සතුරුව වක්‍රව විශ්ව කාරක මන්දාකිණියෙහි සෙනසුරුගෙන් චන්ද්‍ර හා ජම්ම ලග්න ඒරාෂ්ඨක උදා වෙන්නේය.

මේෂ රාශියෙහි ස්වභාවිකව ගමන් කෙරෙන අස්ත වූ බුධ ග්‍රහයා සූර්යයාට මුවාවී නොපෙනීයාම මෙකී ග්‍රහ චලිතයෙහි ප්‍රධානතම ලක්ෂණයයි. දැනුම,අවබෝධය, එනම් වයස , තරාතිරම අනුව හෝ බුද්ධිය, ඥානය පොදු සමස්ත ජනතාව කෙරෙන් දුරස්ථවීම මෙහිදී පෙන්නුම් කරයි.

දිවයිනට මෙන්ම විශ්වය පුරාවට හදිසි තීරණ තීන්දු දැඩි ලෙස ක්‍රියාත්මක වීමෙහි ප්‍රවණතාවයක් නිර්මාණය වෙන සුළුවෙයි. ශ්‍රී ලංකා භූමි තලයෙහි උතුර, දකුණ, දිශාභාගයන්හි කැරලිකාර කැළඹිලි බහුල කෙරෙයි. පොත්පත් ලිපිලේඛන, දේපළ වස්තු, පාරිසරික සාධක විනාශවී යාම, කාලගුණික, දේශගුණික විපරීත විපර්යාස නොසිතු ලෙස සිදුවිය හැකිය. ගිහි පැවිදි උභය පක්ෂය අතර අදූරදර්ශී බලවේග ක්‍රියාත්මක විය හැක. දේපල වස්තු හානි සිදුවිය හැක. දෛනික ආනයන භාණ්ඩ කොන්ත්‍රාත්පදනම බහුල වීම සිදුවේ. අවිහිංසාව, අවංක බව, පිරිසුදු චරිතය, සත්‍ය වචනය යහපත් සිහිකල්පනාව ඇතිව කටයුතු කළ යුතු කාලයකි. මේ කාලය සාමකාමී සහ ජීවනය අගයමින් ක්‍රියාත්මකවීම මෙම කාලයේ අතිශයෙන් ප්‍රශස්ත වෙයි.

 

මේෂ ලග්නය

දැඩි මානසික අසහනකාරි බවකින් මෙන්ම උත්සාහය, උනන්දුව මහජනයා සමඟ කෙරෙන සබඳතා, විවාහ කටයුතු ආශි‍්‍රතව පසුගාමී බවක් නිර්මාණය වීමට හේතු වේ. මුහුණ, උරහිස්, යටිබඩ, මුත්‍රාශය, ගුද මාර්ගය ආශි‍්‍රතව හා කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රුදා වේදනා, දැවිලි, පිච්චිලි වේදනා ඇතිවිය හැකිය.

වෘෂභ රාශිය

කර්මස්ථානය වූ 10 වැන්නෙහි සස යෝග බලය උදාවීම මෙන්ම දැඩි අසහනකාරි බවක් නිරූපණය කෙරෙයි. වෙහෙසකාරි බවක් ද පෙනෙයි. පදිංචි ස්ථානගතව අවුල් සහගත බවක් ද ප්‍රධාන ජීවන වෘත්තියට අදාළව නොසිතූ විරූ අවදානමක් උද්ගත විය හැකිය. උරහිස්, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස් , පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධක උද්ගත විය හැකිය.

මිථුන රාශිය

උත්සාහය, උනන්දුව දුර්වල කෙරෙමින් සබඳතා විවාහ ගිවිසුම්, කඩාකප්පල්කාරි බවක් පෙන්වයි. පදිංචි ස්ථානගත භූමිදෝෂ, මතු කෙරෙයි. මුහුණ, උරහිස, පපුව, උදරය,මුත්‍රාශය, ගුද මාර්ගය, කොන්ද , තුනටිය, පාද ආශි‍්‍රත වරින් වර රෝගී බවක් ද මතුවීම බලපානු ඇත. හදිසි තීරණ තීන්දුවලින් දුරස්ව කටයුතු කරන්න.

කටක රාශිය

පදිංචි ස්ථානයෙහි මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්හි ආකූල ව්‍යාකූල බවක් දෘශ්‍යමාන කෙරෙයි. ඥාති හිතෛෂීන්ගෙන් හැකිතරම් අනුග්‍රහය ලැබෙයි. හදිසි තුවාල සිදුවීම් ක්‍රියාත්මක වෙනු පෙනී යයි. හිස, මුහුණ, උරහිස්, යටිබඩ ,කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රතව රෝගාබාධයි.

සිංහ රාශිය

රැකියා ආදායම් මාර්ගයන්හි අවධානයට ලක් වෙයි. පොදු සමාජ තලයෙහි සුබසාධක ක්‍රියාකාරකම්හි යෙදෙයි. හදිසි ආපදා විපත්ති වසංගත රෝග මතු විය හැකිය. කොන්ද, තුනටිය, යටිබඩ, වකුගඩු, හිස, මුහුණ, උරහිස්, පාද ආශි‍්‍රත රෝගා බාධක මතු කෙරෙයි. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාත්මක වීම යහපත් වෙයි. කෘෂිකාර්මික මෙන්ම වෙළෙඳ ව්‍යාපාරික සේවා පෞද්ගලිකව දියුණුූ වෙයි.

කන්‍යා රාශිය

නිතර සැක සංකා දෙගිඩියා මතුවෙයි. රැකියා ආදායම් මාර්ග දේවල් වස්තු ආශි‍්‍රත ආකූල ව්‍යාකූල බවක් මතු කෙරෙයි. නොසිතූ විරූ රෝගාබාධ ආදයි අවුල් සහගත තත්ත්ව ඇති වේ. හිස, මුහුණ, උදරය, යටිබඩ, වකුගඩු, මලමුත්‍ර , කොන්ද , තුනටිය, පාද ආශි‍්‍රත වරින්වර රෝගාබාධක මතුවීම කෙරෙයි.

තුලා රාශිය

නිර්මාණශීලි සිතැඟියාවන් මෙන්ම අලංකාර ක්‍රියාකාරකම්හි අද්භූත සිදුවීම් ග්‍රහණය කෙරෙයි. සැනසුම සතුට, ගෙන දෙන බවත් රැකියා ආදායම් මාර්ග තුළින් හෝ ආර්ථිකය අනුව දියුණුව සිදුවනු බව පෙනී යයි. දැඩි වෙහෙසකාර බවකින් ශාරීරික සෞඛ්‍යය රැක ගැනීම සිදු කෙරෙනු ඇත.

වෘශ්චික රාශිය

උත්සාහය, උනන්දුව කෙතරම් තිබුණත් පදිංචියෙහි සතුටුදායක බවක් නිර්මාණය නොවෙයි. උරහිස් , පපුව, උදරය, යටිබඩ, වකුගඩු, මුත්‍රාශය, ගුද මාර්ගය‍්‍ර, කොන්ද, තුනටිය, ආශි‍්‍රත රෝගාබාධක උත්සන්න විය හැඩිය. අවදානම් කටයුතු කෙරෙහි ඉවසිලිවන්තව ක්‍රියාත්මක වීම ආරක්ෂා සහිත වෙයි. රැකියා මාර්ග මෙන්ම දූ දැරියන් කෙරෙහි අවධානය මෙන්ම සිතැඟියාවන් ඉටුකර ගැනීමට යහපත් වෙයි.

ධනු රාශිය

රැකියා ආදායම් මාර්ග පිළිබඳවද විශේෂ අවධානය යොමු කරළීම යහපත් වෙයි. ආකූල ව්‍යාකූල බවක් ආදායම් මාර්ගයන්හි බලවේග මත කෙරෙයි. හදිසි තීරණ තීන්දු අශුභයි. උදරාබාධ, අධ්‍යාපනය, සබඳතා දූදරු ප්‍රශ්න ආශි‍්‍රතව කාලය ගතවෙයි. මුහුණ, උරහිස්, පදිංචිය, පපුව, යටිබඩ, කොන්ද, තුනටිය, ආශි‍්‍රතවද දණහිසේ පාද, ආශි‍්‍රතව ලෙඩ දුක් ඇති විය හැකිය.

මකර රාශිය

සිතැඟියාවන් බොහෝ දුරට ඉටුවෙයි. ආරම්භක කාර්යයන් සාර්ථක වෙයි. ශුභවාදී ගමනකට සුදුසු කාලපරිච්ඡේදයකි. උත්සාහය මෙන්ම උනන්දුව සාර්ථක වෙයි. ආගිය ස්ථානවලදී කැපී පෙනෙයි. හිස, මුහුණ, උරහිස්, යටිබඩ වකුගඩු, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගී බවක් වරින්වර නිර්මාණය වෙයි.

කුම්භ රාශිය

සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක බලපෑම මෙන්ම ලග්න ඒරාෂ්ටක බලපෑමද දැඩි වෙයි. සෙනසුරු ලග්න ගත බැවින් සස යෝග බලය මතුවෙයි. හිස, මුහුණ, උරහිස්, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිස්, ආශි‍්‍රතව රෝගා බාධකයි. ව්‍යාපාර කටයුතු මෙන්ම රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. බුද්ධිමත්ව දුරදර්ශීව කටයුතු කිරීමද යහපත් වේ.

මීන රාශිය

සිංහාසන යෝග බලය 02,06,08,12 ස්ථානගත ග්‍රහ ගමන් මඟෙන් පෙනී යයි. ලේඛන කලාව ආශි‍්‍රත දියුණුවක් ලබයි. රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාරික සේවා දියුණු වෙයි. සෙනුසරු ලග්න ඒරාෂ්ඨක මෙන්ම ජන්ම ඒරාෂ්ඨක බලපෑමක් 12 වැන්නෙහි යෙදී ඇත. මේ අනුව බොහෝ දුරට ආරක්ෂා රැකවරණය ගැන සිතා කටයුතු කරලීම යහපත් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.