ලොව කලඹමින් 28 වැනිදා වසරේ අවසන් අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවෙයි

ඔක්තෝබර් 20, 2023

වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් ලොව ප්‍රබල චරිතයක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබෙනු ඇත

වෘශ්චික, කුම්භ, සිංහ, වෘෂභ රාශි සතරට සස යෝග බලය

සුනඵා-අනඵා, දුරුධරා, පාශ වැනි යෝග ද කාල සර්ප අර්ධ යෝගය ද උදාවේ

ලොව පුරා වසංගත බිය, සාගත බිය, ඉන්ධන අර්බුද, භූ චලන, කුණාටු, ගමනාගමන, ගුවන් යානා අනතුරු, ගිනි ගැනීම්, ලැව්ගිනි ඇතුළු උග්‍ර පාරිසරික බලපෑම්

මාධ්‍යවේදීන්, සිනමා තරු වැනි ජනපි‍්‍රය පුද්ගලයන්ට අපල

 

ඔක්තෝම්බර් 28 වෙනි ශනිදින අලුයම 01.45ට දෙස්, විදෙස් නොසිතු නොවුවීරූ විපරීත ගමන් මඟකට තුඩුදෙනු ලබන අර්ධ චන්ද්‍රග්‍රහණය විශ්ව තාරකා මන්දාකිණියෙහි ජව බල සම්පන්නව සිද්ධ වෙන්නේ ය. එය දක්ෂිණායනය, හේමන්ත සෘතුවෙහි. තුලා රවි 10 භාග, වප් මහේ පුර තුදුස්වක තිථිය, මීන රාශිය, බුධ හිමි රේවතී නැකැතේ 03 පාදයේ සිදු වෙයි.

ශ්‍රී ලාංකේය ජනරජ කේන්ද්‍රයට අනුව සිංහ ලග්න ගත සිකුරු ග්‍රහයා සතුරුව, අඟහරු සමව, බුධ මිත්‍රශීලීව, කේතු සතුරුව, රවි ග්‍රහයා නීච ක්ෂේත්‍රව වික්‍රමස්ථානය වූ 03 වැන්නේද නිවෘත ප්ලූටෝ සතුරුව 06 වැන්න වූ රෝග සතුරු ස්ථාන ගතවද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව 07 වැන්නේ ද චන්ද්‍රයා සමව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව නැප්චූන් වක්‍රව 08 වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතවද වක්‍ර යුරේනස් සමව රාහු සතුරුව මිත්‍රශීලී බ්‍රහස්පති වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතවද 12 වැන්නාධිපති චන්ද්‍රයා මාන්දි ග්‍රහයා වෙමින් 08 වැන්නේ ද අඟහරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙමින් 03 වැන්නේ ද 22 වෙනි මාරක දෙර්කාණාධිපති වෙමින් 09 වැන්නේ ද දෘශ්‍යමාන වෙන්නේ ය.

චන්ද්‍රයා, බ්‍රහස්පති, අඟහරු පීඩාවට පාත්‍ර වී ඇත. මව්වරුනට ද, මාමලාට ද, සහෝදර පක්ෂයට ද අර්ධ චන්ද්‍ර ග්‍රහණයෙහි අපලකාරී බවක් මතු කෙරෙයි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශි අතරෙන් වර්ෂ ගණනාවකට ඉදිරි කාලීනව දැඩි අපල උපද්‍රවකාරී බවක් පෙර නිමිති ලෙස සටහන් වෙයි. මේ අතරතුර වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් විශ්වයෙහි ප්‍රබල චරිතයක් පිළිබඳ ශෝකාකූල ආරංචියක් තිරසාරව විද්‍යාමාන වෙනු ඇත. චන්ද්‍රයා 08 වැන්නවූ මෘත්‍යුස්ථානගත අවස්ථාවක් යෙදුණු අර්ධ චන්ද්‍රග්‍රහණය වර්තමානයෙහි සිදුවෙමින් පවත්නා විෂමාචාර මානුෂික ඇවතුම් පැවතුම් දෙගුණ තෙගුණ වීමෙහි බලපානු ඇත. රවි, චන්ද්‍ර, පෘථිවි ත්‍රිත්වය කැළඹී යෑමෙහි චන්ද්‍රග්‍රහණ චලිතය විශ්ව රාජ්‍යයෙහි පවත්නා ගැටුම්කාරී තත්ත්වය දැඩිබවක් ගනු ලබයි. බ්‍රහස්පති හිමි මීන රාශිගත ග්‍රහණයෙහි රේවතී නක්ෂත්‍රය නීච ක්ෂේත්‍ර වී යාමෙන් ඔක්තෝම්බර් 29 රාත්‍රී 07.53 ට යෙදෙන බුධ, කුජ යුද්ධයෙන් බුධගේ පරාජය ලාව පුරා අශුභවාදී බවක් දැඩිව නිර්මාණය කරයි. වසංගත බිය, සාගත බිය, සාමාන්‍ය පොදු මහජනතාව කෙරෙහි දරාගත නොහැකි තරමට ඉදිරි කාලීනව පීඩා ගෙන දෙනු ඇත. ලොව පුරා පොදු රටාවක් ලෙස මංකොල්ලකෑම්, කුමන්ත්‍රණ කාරී ක්‍රියාකාරකම්, පාතාල මැර ප්‍රචණ්ඩත්වය ඉහළ යනු ඇත. පරිසරය සොබාදහම විකෘති වීම නිසා ජනතාව දැඩි අසීරුතාවයනට තුඩු දෙනු ඇත. වේගවත් දේශගුණික, කාලගුණික වෙනස්වීම් ධාරාව මිනිසාගේ ස්වභාවික ජීවන තත්ත්වය දෙදරා යෑමට හේතු සපයයි. විශ්වය තුළ පවත්නා බලගතු රාජ්‍යයන්හි නායකයන් මෙන්ම සුබ සාධන සංවිධාන ද ත්‍රිවිධ හමුදා සමඟ ආරක්ෂක සේවා ක්ෂේත්‍රයන්ගේ රාජකාරී තත්ත්වය දෙගුණ තෙගුණ කෙරෙයි. ධීවර ජනතාවට මෙන්ම, කඳුකර, බෑවුම් ආශි‍්‍රත ජනතාවට දරාගත නොහැකි හානි සිදුවන වාතාවරණයක් උද්ගත වනු ඇත. භූ චලන, නැව්කුණාටු මුහුදු කොල්ලකරුවන්, ගමනාගමන, ගුවන් යානා, අනතුරු ගිනි ගැනීම්, ලැව්ගිනි ආශි‍්‍රත අශුභ ආරංචි පැතිරෙනු ඇත. බුධ, කුජ ග්‍රහ යුද්ධයෙහි කුජ ත්‍රිකෝණ දෘෂ්ටිය, ගුරු ශනි ෂඩ්කෝෂ දෘෂ්ටිය ඔක්තෝබර් 28 අලුයම අර්ධ චන්ද්‍ර ග්‍රහණයෙහිදී ද යෙදුණු දැඩි බිහිසුණු ග්‍රහ චලිතයෙකි. ලෝකය පුරා බලාපොරොත්තු නොවූ තෙල් අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇත. බුද්ධිමත්ව දූරදර්ශීව ජීවිත ගැටගසාගනු ලබන මිනිසාට දුර්භික්ෂය, වසංගතයට අභිතව මුහුණදීමට හැකිවෙයි. 2024 අප්‍රේල් දක්වා පාරිසරික බලපෑම් මනුෂ්‍යයා වෙත අධිවේගී බලපෑමක් ලෙස පවතිනු ලබයි.

ජනමාධ්‍ය, සිනමා තරු කෙරෙහි අපලකාරී බලපෑම් ඇති වනු ඇත. විෂ ද්‍රව්‍ය, මත්තුඩු, පෙති, කරල් නීතියෙහි ඇස්වසා ව්‍යාප්ත වී යෑමේ ප්‍රවණතාවක් ඇත. පොදු අවිහිංසාව, අවංකකම, පිරිසුදු චරිතය, සත්‍ය වචනය, යහපත් සංකල්පනා සිතිවිලි කෙරෙහි මනුෂ්‍යාගේ සිත් සතන් ප්‍රායෝගික පුහුණුවකට යොමුකළ යුතුවෙයි. කඩදාසියෙහි නොව මනුෂ්‍යත්වයට දැන උගත්කමෙහි සම්මානය ප්‍රදානය විය යුතු කාල පරාසයකි. විවිධ කුමන්ත්‍රණ, නීති විරෝධී වාණිජ ක්‍රියා කාරකම්, පුද්ගලයනට අභූත චෝදනා, කටකතා පැතිරවීම, දූෂණ භීෂණ සංකල්පය ව්‍යාප්තවීමෙහි අධිවේගී බව ලොව පුරා දෘශ්‍යමාන විය හැකිය. මනුෂ්‍යත්වය සුරැකීමට උත්සහ ගැනීම අත්‍යවශ්‍ය කාල පරාසයකි.

 
 
මේෂ රාශිය 
 
යම හෙවත් ප්ලූටෝ සතුරුව 10 වැන්නේද 05 වැන්නෙ සිකුරු සතුරුව ද 07, 11 භාවස්ථානවල කුජ,ශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය මත විශ්වයට මෙන්ම අඟහරු හිමි මේෂ ජන්ම රාශිය ඔබටත් උදාව පවතී නම් අවදානම්සහගත කටයුතවලින් දුරස්ථ වන්න. සාමකාමී පැවැත්ම සතුටුදායක වෙයි. 
 
වෘෂභ රාශිය 
 
පදිංචිය, රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම ශාරීරික ප්‍රශ්න ගැටලු උදාවිය හැකියි. ශාරීරික පීඩා ප්‍රබල විය හැකිය. දැඩි නොසන්සුන් මානසික තත්ත්වයකට තුඩුදෙන කරුණු යෙදෙනු ඇත. නිර්නාමික, නාමික සොර සතුරු බලවේග පැමිණේ. එහෙත් ශනිගෙන් සස යෝගය බල උදා කෙරෙන බැවින් උසස්වීම්, මාරු වීම්, උරුම කෙරෙයි.  
 
මිථුන රාශිය 
 
නිතරම රැකියා ආදායම් මාර්ග කෙරෙහි සිත යොමු කෙරෙයි. උදරාබාධ, කොන්ද තුනටිය, දනහිස්, පාද ආශි‍්‍රත රුදා වේදනා යෙදෙයි. භාග්‍ය වාසනාව උදාවෙයි. අධ්‍යාපනය, සබඳතා, විවාහ මංගල  අරමුණු ඇතුළු මෙතෙක් අරඹන ලද කටයුතු කෙරෙහි ආකූල ව්‍යාකූල බවක් මතුවෙයි. 
 
කටක රාශිය 
 
ශනිගෙන් අෂ්ටම මාරක ඒරාෂ්ඨකයි, පදිංචිය වෙනස් වීම කෙරෙහි නිතර සිත යොමු කෙරෙයි. පදිංචිය මෙන්ම රැකියා ආදායම් මාර්ග අවුල් කෙරෙයි. රවි සිකුරු පරිවර්තන යෝග බලය අනුව බුද්ධිමත්ව දුර දර්ශීව ක්‍රියාත්මක විය යුතු කාල පරාසයකි. මුහුණ, පපුව, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිසේ පාද ආශි‍්‍රත වේදනා මතු වෙයි. 
 
සිංහ රාශිය 
 
ශනිගෙන් සස යෝග බලය ද 01, 03 රවි සිකුරු පරිවර්තන යෝග බලය ද උත්සාහය, උනන්දුව වඩවන බව පෙන්වයි. දියුණුව දෙයි. එහෙත් උනන්දුව යටපත් කෙරෙන බවක් මතු කෙරෙයි. සොර සතුරු බලවේගය දරාගත නොහැකි ප්‍රශ්න ගැටලු මතු කෙරෙයි. ස්වකීය ආත්ම ගෞරවය, අභිමානය මිතුරු ඇසුරුකම් තුළින් පීඩා බවට පාත්‍ර කෙරෙයි.  
 
කන්‍යා රාශිය 
 
රෝගාබාධ මතු වුව ද  රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව සතුටුදායක බවක් විද්‍යමාන කෙරෙයි. සබඳතා විවාහ මංගල කටයුතු ආශි‍්‍රත මන්දගාමී බවක් පෙන්විය හැකිය. පොත්පත් ලිපි ලේඛන උරුම  අයිතිවාසිකම් ආශි‍්‍රතව ගැටලු මතු කෙරෙයි. සිතැඟියාවන් තරමක් දුරට විජයග්‍රාහී බවට තුඩුදෙන කරුණු යෙදෙනු ඇත. ආර්ථිකමය ක්ෂේත්‍රයෙහි පසුබෑමක් නිර්මාණය වෙයි. 
 
තුලා රාශිය 
 
සෙම් කෝප  බහුල කෙරෙයි. සතුටුදායක මානසිකත්වය දුර්වල වෙයි. හිස, පපුව, යටිබඩ, වකුගඩු, දණහිසේ, පාද ආශි‍්‍රතව වරින් වර රුදා වේදනා මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ගයන්හි මන්දගාමී බවක් ගෙනදෙයි. සොර සතුරු බලවේග මෙන්ම නවග්‍රහ බලවේග මතුවෙයි. 
 
වෘශ්චික රාශිය 
 
පදිංචි ස්ථාන පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් දුරු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වේ. උත්සාහය, උනන්දුව මතු කෙරෙයි. අවහිර බාධක, දුෂ්කරතාවයන්ද වරින් වර මතු කෙරෙනු ඇත. බොහෝ දුරට සිතැඟියාවන් ඉටුවීමෙන් සොම්නස් සහගත බවක් නිර්මාණය වෙයි. 
 
ධනු රාශිය 
 
උත්සාහය උනන්දුව අනුව ජීවන ගමන් මඟෙහි සාර්ථකත්වයක් විද්‍යමානු වනු ඇත. පදිංචිය ආශි‍්‍රත මානසික අසහනකාරී බවක් මෙන්ම ආකූල ව්‍යාකූල බවක් මතු කෙරෙයි.  උදරාබාධක,  කොන්ද තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධ සෙම් කෝප දෝෂ මතු කළ හැකිය.
 
මකර රාශිය 
 
මන්දගාමී ජීවිතයක පසුබිම සතුටුදායක බවට නැඹුරු කර ගනී. ජය පතා දැඩි උත්සාහයක උනන්දුවක යෙදෙනු පෙනී යයි. ශනි ලග්න ඒරාෂ්ඨක බලපෑමද පෙනී යයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි අසතුටුදායක බවක් නිර්මාණය විය හැකිය. ඇතැම් ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ නිසා සතුටුදායක බවක් මතු වෙයි. 
 
කුම්භ රාශිය
 
කලක සිට තිබූ සිහින මාළිගා සැබෑවෙන යුගයකට පාත්‍රවෙයි. සෙනසුරු ලග්න ඒරාෂ්ඨක ලබා ඇතත් සස යෝග බලය ලග්නයෙහි උදාකොට ඇත. ආගමික මෙන්ම වර්තමානයේ අරඹන ලද කාර්යභාරයන් බොහෝ දුරට සතුටුදායක බවක් ලබයි. රැකියා මෙන්ම පදිංචි ස්ථානය  ආශි‍්‍රතව සතුටුදායක බව උදා කරයි. 
 
මීන රාශිය 
 
සිතුම් පැතුම් යළි යළි නවතාවයක් ගනු ලබයි. කෙසේ නමුත් සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය ග්‍රහචාරයෙන් උදාවෙයි. රැකියා ආදායම් මාර්ග මෙන්ම පදිංචියෙහි නවතාවයක් පිළිබිඹු කෙරෙයි. හිස, මුහුණ, යටිබඩ, උදරය, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර ආබාධ මතු වෙයි. ජීවිතයෙහි නව ගමන් මඟක් උදා කෙරෙනු ඇත.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.