වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 29 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජුනි 28, 2023
ඉර උදාව - 05.58
ඉර බැසීම - 06.29
රාහු කාලය - දහවල් 01.47 - 03.21 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වගකීම් බහුල දිනයකි. නිතර පවුලේ කෙනකු පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවක් පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත්වන දින බවක් පෙන්නුම් කරයි.
වෘෂභ
ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවන දිනයකි. නිතර අලංකාර දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර තමාට අන් අයගේ ප්‍රශංසා හිමි වීමට ඉඩ ඇත. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. දරුවකු පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතු බවක් පෙනේ.
කටක
ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.
සිංහ
අමතර ආදායම් මාර්ග කීපයක් හිමි කරන දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරයි. අලුත් අයගේ ඇසුරට කටයුතු උදාකරයි.
කන්‍යා
ගතට සිතට වෙහෙස ඇති කරන දිනයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු කරයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි.
තුලා
පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. දේපළ සම්බන්ධ ආරවුලකට මුල පිරේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.
වෘශ්චික
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි විමසිලිමත් විය යුතු දිනයකි.
ධනු
වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. සහෝදරයකු සමඟ ඇතිවන මතභේදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. හදිසි ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.
මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකටද හිමිකම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. රැකියාවේ සුබදායක පුවතක් අසන්න ලැබේ.
කුම්භ
සැනසිලිදායක ලෙස දවස උදාකරයි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති දිනයකි.
මීන
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. වරින් වර සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00