යස ඉසුරු, සැප සම්පත්, ව්‍යාපාර ලාභ ගෙනෙන මාලවී ෙයා්ග ෙයන් විශිෂ්ට මුහුර්තයක්

සැප්තැම්බර් 6, 2024

ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට පැමිණීමත් සමඟ මේෂ, කටක, තුලා, මකර ලග්නවලට කේන්ද්‍රගතව එය පිහිටීමෙන් මාලවී නම් පංච මහා පුරුෂ යෝගය උදා වේ. එයින් අනෙකුත් ලග්න හිමියන්ටද සුබපල උදාවේ.

මේ අතර සියලු ලග්න හිමියන්ට ව්‍යාපාර කටයුතු ඇරැඹීමට යහපත් මාලවී යෝග බලයෙන් යුතු ප්‍රශස්ත ප්‍රතිපල ලබා දෙන තත්කාල සුබ මුහුර්තයක් 2024.09.19 වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 09.07ට උදාවන්නේ ය.

එම සුබ මුහුර්තයට උතුරු දිශාව බලා රෙදිපිළි, ඇඳුම් පැලඳුම්, කලාත්මක අංශයේ නිර්මාණ හා ඊට අනුබද්ධිත සියලු සෞන්දර්යාත්මක ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර කටයුතු, ආයෝජන, අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම අතිශය වැඩදායක වනු ඇත. කෝණ මාසයේ සහ අර්ධ චන්ද්‍රග්‍රහණයේ බලපෑම මේ මුහුර්තයට අදාළ වන්නේ නැත.

මාලවී යෝගයේ ප්‍රතිපල නම් යස ඉසුරු , සැප සම්පත් වැඩිවීම, ගේ දොර ඉඩකඩම් ලාභ සහ තම තමන්ගේ ජීවිතයෙහි සුඛය, සැපත හා උපභෝග පරිභෝග සම්පත් ලැබීමයි. මෙනිසා මාලවී යෝගයෙන් බල ගැන්වෙන ඉහත කී ලග්න හිමියන්ට මින් ලැබෙන ප්‍රතිපල වඩවඩාත් උසස් වේ. තුලා හා මකර ලග්න හිමියන්ට යහපත් ප්‍රතිපල බෙහෙවින් උරුම වන බව පැවැසිය යුතුය. තුලා ලග්නයට සිකුරු ලග්නාධිපතියාය. මකරයට රාජ යෝගකාරකයාය. එනිසා මෙකී ලග්නවලට වඩාත් වැඩි සුබපල ඇති වන්නේය.

එලෙසම මිථුන, කන්‍යා, ධනු, කුම්භ ලග්නවලට සුබපල ලබාදීමේ අවකාශ ඇත. වෘෂභ, සිංහ, වෘශ්චික, මීන ලග්නවලට මිශ්‍රපල අත්වනු ඇත.

ඒ සිකුරු ලග්න ගතව සිටියදීම සිකුරුගේ හෝරාවෙන් යුක්තව බලවත්ව තුලා රාශිය වාණිජ රාශියක් වෙමින් සිටීම තුළ කලාත්මක අංශයට සම්බන්ධ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට මේ සුබ මුහුර්තය යොදා ගැනීම සුබවාදී ප්‍රතිඵල අත් කරන බැවිනි. ජන දිවියෙහි ද සතුට, සංතෝෂය, ආස්්වාදය වෙනුවෙන් පෙනී සිටින ග්‍රහයා වන සිකුරුගේ තුලා රාශිගතවීම ලංකා කේන්ද්‍රයට අනුව සැලකීමේ දී බෙහෙවින් වටිනාකමක් ගෙන දෙන්නේ ය.

ලංකා කේන්දරයේ භාග්‍යස්ථානයට සිකුරුගේ මෙකී පැමිණීම දේශීයත්වය සංස්කෘතිය පිළිබඳව පුළුල්ව සිතමින් කටයුතු කිරීමට ජනතාව පොලඹවන පිහිටීමකි. ඒ අනුව රටට හිතකර වාතාවරණයක් ඉදිරියේ ඇති වීමට මේ ග්‍රහ මාරුව මඟ පාදනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.