ජුනි 25 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 24, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29 

රාහු කාලය  - ප.ව. 04.55 සිට ප.ව. 06.29 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර
 
මේෂ
කරගෙන යන කටයුතුවලට කරදර මතුවේ. බාහිර කරදරවලින්ද පීඩා ඇති කරන අතර මෙම දිනවල වරදක් කළේ නම් එයට දඬුවම් ලැබේ. ප්‍රේම සම්බන්ධ නිසා සිත් තැවුල් ඇති කරයි. ශරීර අසනීප ගති සාදයි.
 
වෘෂභ 
උදරාබාධවලින් පීඩා ගෙනදෙනු ඇත. නිදා ගන්නා තැන වෙනස්වීමට හෝ නින්දට බාධා ඇතිවේ. ගෙදර දොර සැප පහසුව අඩුවේ. කරගෙන එන කටයුතුවල බිඳ වැටීමක්ද පෙන්නුම් කරයි. නැතහොත් ප්‍රමාදයක් සිදුවේ. 
 
මිථුන 
ආදායම් තත්ත්වය ගැන හිතේ සැකයක් ඇති කරයි. මුදල් නැතිකම ගැන කරදර පීඩා ඇතිවන කාලයකි. සහෝදරාදීන් සමඟ කරන කතා බහේ දී සුළු සුළු සිත් රිදීම් ඇතිවනු ඇත. ධෛර්යවන්තව වැඩ කරන දිනයකි. 
 
කටක
අලාභ හානි, කටයුතුවලට බාධා හිරිහැර ඇති විය හැකිය. බලාපොරොත්තු කඩවේ. තම කටයුතුවලට අවශ්‍ය මුදල් සෙවීමට උත්සාහ ගන්නා නමුත් බලාපොරොත්තු බිඳ වැටේ. උගුරේ අමාරු, සෙම් අමාරු නිසා පීඩා ඇතිවේ. 
 
සිංහ 
අතීතය ගැන සිතා කනගාටුවීමට හෝ සතුටු වීමට කරුණු යෙදේ. ගෙදර සැප පහසුව ඇතිවන කටයුතු කීපයක් යෙදේ. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත. ඔළුවේ උණ ගතිය නිසා සෙම් අමාරු ඇති කරයි. ගෙදර දොර අතුගා පිරිසුදු කිරීමට සිදුවේ. 
 
කන්‍යා 
අන් අය තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකිය. අන් අය ආශ්‍රය කිරීමේ දී සහ ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරැදීම්, මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. 
 
තුලා 
දියුණුවට කටයුතු සැලසේ. මුදල් ලාභ හිමිකරයි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතිවීමට අවස්ථාව සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. කලකින් හමු නොවූ අයෙක් තමාව සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි. 
 
වෘශ්චික 
බලාපොරොත්තු ඉටුවනු ඇත. එමඟින් දියුණුවද ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. කරගෙන එන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුද දියුණුවේ. අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. 
 
ධනු 
සිත් තැවුල් කනගාටු සහිත දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවේ. පිනට දහමට ආශාව ආගමික භක්තිය ඇති කරයි. එවැනි කටයුතුවල යෙදේ. පපුව ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. 
 
මකර 
කරදර සහිත දිනයකි. කනගාටු සහිතව කාලය ගත වේ. දණහිස්වල ආබාධ ආහාර නොදිරවීමේ රෝග, තුනටියේ කැක්කුම් ඇතිවනු ඇත. කරගෙන යන කටයුතුවලටද බාධා අවහිරකම් මතුවේ. 
 
කුම්භ 
හොඳට සැප පහසුවට නිදා ගන්නට ලැබේ. වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරයි. සිතට සතුට ගෙනදෙන කරුණු ඇතිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. ස්ත්‍රී සමාගම් ඇති කරයි. 
 
මීන 
ගෙදර දොර වාසනාවන්තවේ.  සැප පහසුවට කටයුතු කිරීමට ලැබෙනු ඇත. සුළු සුළු වස්තු ලාභද ලැබෙන දිනයකි. බලාපොරොත්තු ඉටුවේ. එම නිසාම සිතේ සතුටට කරුණු සැලසේ. 
 
ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.