ජුනි 15 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 14, 2023
 
ඉර උදාව - 05.55
ඉර බැසීම - 06.26
 
රාහු කාලය - ප.ව. 01.44 - ප.ව. 03.18 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
උසස් හිතමිතුරන් හමුවීමට අවස්ථාව සැලසෙන දිනයකි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. 
 
වෘෂභ 
පවුලේ බැඳීම් වැඩිවන දිනයකි. සෙම් රෝග බහුල කරන අතර හදිසි ප්‍රතිකාර පැතීමටද සිදුවනු ලබයි. මව්පස ඥාතියකු පිළිබඳ වෙහෙසීම් වැඩිකරන බවක් පෙන්නුම් කරයි. 
 
මිථුන 
අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු පිළිබඳ හදිසි තීරණයකට එළැඹීමට සිදුවන දිනයකි. නිතර දුර ගමන් යෙදෙන අතර, අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. 
 
කටක 
අවිවේකී ලෙසින් උදාවන දිනයකි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. නිතර නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන දිනයකි. 
 
සිංහ 
වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු පිළිබඳ වගකීම් කීපයක් තමා පිට පැවරීමට ඉඩ ඇත. නිතර ඇසුරු කරන හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නීති කටයුත්තකට සම්බන්ධ වන දිනයකි. 
 
කන්‍යා 
ණය ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන අසනහකාරී බව දුරදිග යන බවක් පෙනේ. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර ආගමික සහන පතන දිනයක් වන අතර පවුලේ අයගෙන් ඈත්ව සිටීමට ද හේතු යෙදේ. 
 
තුලා 
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. නිතර තමාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් විය යුතු බවක් පෙනේ. දරුවකුගේ කටයුතු ගැන වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතුයි. දණහිසේ හට ගන්නා ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 
 
වෘශ්චික 
නිතර ගමන් බිමන්වලට සම්බන්ධවීමට සිදුවන දිනයක් වන අතර සිතේ චංචල බවක් ද ඇතිවේ. රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටුවන බවක් පෙනේ. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. 
 
ධනු 
වැඩිහිටියන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. රැකියා ස්ථානයේ කටයුතු සුබවාදී ලෙස කරගෙන යෑමට හැකිවන දිනයකි. විවාහ යෝජනාවක් සාර්ථක  වන බවක් පෙනේ. 
 
මකර 
රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරවලට යහපත් දිනයකි. නිතර අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි. 
 
කුම්භ 
මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳවැටීමට ඉඩ ඇත. නිතර දුර ගමන් අධිකවන බවක් පෙන්නුම් කරයි. ඥාතියකුගේ අසනීප තත්ත්වයකට වෙහෙසීමට සිදුවෙයි. 
 
මීන 
හදිසි ගනුදෙනුවකට මඟ සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.