වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මැයි මස 17 වැනි බදාදා - ලග්න සහ රාහු කාලය
මැයි 16, 2023
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.20
සුබ දිසාව - උතුර
රාහු කාලය - දහවල් 12.07 - 01.40
රාත්‍රී 12.07 - 01.34
මේෂ
දවසින් වැඩි කොටසක් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. පවුලේ කෙනකුගේ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අඹුසැමි මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ලැබීම් හිමි වූවත් ඒවාට බාධා ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ.
වෘෂභ
ලැබීම් අතින් යහපත්ය. ගනුදෙනුවකින් වාසි කීපයක් හිමිකරයි. ප්‍රමාද වූ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. හිතුවක්කාර තීරණයක් පාඩු සිදුකරයි.
මිථුන
ගතට සිතට සැනසිලිදායක දිනයකි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මුදල් ගනුදෙනුවලට සම්බන්ධවීමේ දී කල්පනාකාරී වන්න. ආගමික සහන පතන දිනයකි.
කටක
හිතුවක්කාර ගතිපැවැතුම් ඉස්මතු කරයි. නොසිතූ මානසික පීඩාවකට ලක්වීමට ඉඩ ඇත. එහෙත් හදිසි මුදල් ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. මවුපස ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්න ලැබේ. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.
සිංහ
අවිවේකී ලෙස දවස ආරම්භ කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිවන බවක් ද පෙන්නුම් කරයි. එහෙත් ලාභ හිමි කරන මාර්ග කීපයක් පෑදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න.
කන්‍යා
ශාරීරික වෙහෙස ගෙනදෙන අතර, යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. එහෙත් ගේ දොර කටයුතු පිළිබඳ අලුත් වෙනස්කම් කීපයක් සිදුකරයි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැය පස අධිකවීමටද ඉඩ ඇත.
තුලා
නොසන්සුන්කාරී ලෙස දවස ගෙවන දිනයකි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික නායකයන් හා එක්ව කරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු යෙදේ.
වෘශ්චික
අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. එහෙත් නිවෙසේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. පිය පස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පැවැති අසනීපයකින් සුවය හිමි කරන දිනයකි.
ධනු
සිතේ සැහැල්ලුවෙන් කටයුතු කීපයක් කරගෙන යයි. නිතර සහෝදර උපකාරද හිමිවන බවක් පෙන්වයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවයි. උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධවලින් පීඩාකාරී බවක් ඇති කරයි.
මකර
වෙනදාට වඩා වගකීම් බහුල කරයි. ළඟින් අසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවිය හැකි දිනයකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. දනට පිනට වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙන්වයි. යන එන ගමන්වලින් වාසි අත්කරයි.
කුම්භ
අවිවේකී ලෙස උදාවන දිනයකි. පවුලේ වැඩිහිටියකු නිසා තීරණ කීපයක් වෙනස් කරයි. රැකියා ස්ථිරවීමක් වැනි බලාපොරොත්තුවක් ඉටුකරයි. දරුවකුගේ ජයග්‍රහණයකට හේතු ඇති කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. පවුලේ දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි.
ජ්‍යොතිර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ...
2024-09-05 18:30:00
මේ මස 15 වැනි රවි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් එදින පෙරවරු 6.15ට හෝ 7.02ට හෝ 7.11ට දකුණු දිශාව බලා පිටත්වීම සුබ වනු ඇත.
2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට...
2024-09-05 18:30:00
අගෝස්තු 30 වැනිදා සිකුරාදා පෙරවරු 9.07 සිට 9.19 දක්වා උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීම සුබදායක වෙයි.ඉහළ පලදාවක් ලැබේ.
2024-08-29 18:30:00
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00
ලග්න පහකට ධන බලයලග්න හතරකට ප්‍රබල මංගල යෝග ශූර වීර දරුපල ලැබෙන කාලයක්අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි...
2024-08-15 18:30:00
වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01....
2024-08-15 18:30:00
අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ...
2024-08-08 18:30:00
ඕනෑම සුබ කටයුත්තකටඅගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ...
2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත්...
2024-08-08 18:30:00
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00