ශ්‍රී ලංකා කුම්භ රාශියට ග්‍රහ ලොව රජු පැමිණේ

පෙබරවාරි 5, 2021

 

වසරකට වරක් ශනි හිමි කුම්භ රාශියට හිරුගේ පැමිණීම සිදුවන අතර, 2021 පෙබරවාරි 12 වෙනි සිකුරාදා සත්තිස් පැය, සත්තිස් විනාඩියට හිරුගේ කුම්භ රාශි සංක්‍රමණය සිදුවේ. මෙතැන් සිට මාර්තු මස 14 වෙනි දින සවස් යාමය වනතුරු රවි එහි ගමන් කරන කාලය තුළ කුජ හිමි දෙනට නැකතේ 3 -4 පාදත්, රාහු හිමි සියාවස නැකත සම්පූර්ණවත්, ගුරු හිමි පුවපුටුප නැකතේ, 1,2,3 පාද තුනත් යන ප්‍රදේශ පසු කරනු ඇත. මෙම කාලය තුළ පෙබරවාරි 20 දින සිකුරු,කුම්භ රැසට පැමිණීමත්,පෙබරවාරි 21 දින අඟහරු වෘෂභ රැසට පැමිණීමත් , මාර්තු 11 දින බුධ , කුම්භ රැසට පැමිණීමත් සිදුවේ.

රවි සංක්‍රමණ අවස්ථාවේ තත්කාල බුධ හිමි කන්‍යා ලග්නයත්, බුධ හිමි මිථුන නවාංශකයත් විද්‍යාමානව පවතී. බැලූ බැල්මට කාලසර්ප යෝගයක් ඇතිව හතර කේන්ද්‍රයේම පාලු ස්වභාවයක් පෙන්වමින් ග්‍රහයින් පතිත වී සිටී. තුන් වැන්නේ කේතු පස් වැන්නේ බුධ, ගුරු, සිකුරු හා ශනි සිටී. රවි, චන්ද්‍ර නෙප්චූන් 6 වැන්නේ ය. අඟහරු , යුරේනස්, මේෂයේ 8 වැන්නේය. 9 වැන්නේ රාහුය .

මෙහි 4 කේන්ද්‍රයේ ග්‍රහයින් නොමැති වුවද, චන්ද්‍ර කේන්ද්‍රයේ රවි සිටීමෙන් හා බ්‍රහස්්පති ලග්න රාශිය පූර්ණ දෘෂ්ටියෙන් දැකීමෙන් ඉහත දෝෂය ඉවත්ව යනු ඇත. ශ්‍රී ලංකා කේන්ද්‍රය විදහා දක්වන කුම්භ රාශියට හිරුගේ පැමිණීම බලවත් වේ. රවි ලග්නයේ සියලු රැකවරණත්, ආරක්ෂාවත්, දිවි ගමන පෝෂණය වීමත් සිදුවන බැවින් සියලු රටවාසීනට යහපත ගෙන දෙන බව සඳහන් කරන අතරම මකර රැසෙහි පිහිටා ඇති බුධ, ගුරු, සිකුරු, ශනි, චතුර්ග්‍රහ යෝගය බොහොමයක් ක්ෂේත්‍ර නියෝජනය කරන බැවින්, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා ප්‍රශ්න විසඳීම කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකදීම, විදේශ ආධාර ගලා ඒම, හා විදේශින්ගේ ආයෝජන බහුලවීම, පමණක් නොව රට තුළ පවතින කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවත් ඇතිවන බව කිව යුතුය. අධිකරණ අංශයේ පවත්නා යම් යම් නීති සංශෝධනයද සිදුවෙයි. කම්කරු ක්ෂේත්‍රයේ අණපණත් විශේෂයෙන්ම සිදුවේ.

ආගමික සංහිදියාවට අවශ්‍ය වියතුන්ගේ ඒකරාශිවීමද සංවර්ධනයද පෙන්වයි. මාර්ග අනතුරු වළක්වා ගැනීමට වාහන පදවන්නන් වගබලා ගත යුතුය. මත්ද්‍රව්‍ය සම්බන්ධව සිටින අය නීතියේ රැහැනට හසුවන අතර පාරිසරික විපත්ද පැමිණේ. සියදිවි නසා ගැනීම් වැඩිවේ.

ඡ්‍යොතිෂවේදී-වැලිගම

කේ.එච්. ධනපාල

 

 

පෙබරවාරි 05 දා සිට පෙබරවාරි 11 දක්වා දිව්‍යමය සුබ මුහුර්ත

 

05 ශු -උදේ 07.20 සිට උදේ 07.32 දක්වා

06 ශ -උදේ 06.29 සිට උදේ 06.58 දක්වා

07 ර- උදේ 09.32 සිට උදේ 09.50 දක්වා

08 ච -උදේ 10.20 සිට උදේ 10.50 දක්වා

09 කු -උදේ 07.56 සිට උදේ 08.20 දක්වා

10 බු -දහවල් 11.56 සිට දහවල් 12.21 දක්වා

11 ගු -උදේ 09.32 සිට උදේ 09.50 දක්වා

 

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා , දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම් පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භයට සුබදායක වේ.

 

චම්පිකා අඹුවන්ගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.