රසකාමී සිකුරු තරුවෙන් වෘශ්චික රාශිය දෙදරයිද?

සැප්තැම්බර් 27, 2019

වෘශ්චික රාශිය කටක නවාංශකය, විසා නැකත 04 පාදය තුලා රවි 11 භාගය වප් මහේ අව අමාවක තිථියද, රවි, චන්ද්‍ර, සම සප්තමය ද වෙශි වොශි උභයචාරි සුනාථා අනථා කේදාර ආදී යෝග බලයෙන්ද, ඔක්තෝම්බර් 28 සඳු දින පෙරවරු 8.33 ට වෘශ්චික රාශියට සිකුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ ය.

සිකුරු රසකාමිණිය අඟහරු හිමි වෘශ්චික රාශියට ප්‍රවේශය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකායතන ඡ්‍යොතිෂ න්‍යාය ධර්මයනට අනුකූලව තෙල් ආශි‍්‍රත රාජ්‍යයන්, රුසියාව, ඉන්දියාව වැනි රාජ්‍යයන්හිද සුවිශේෂී බලපෑමක් විද්‍යාමාන වන බවක් පෙනී යයි. රාහු කේතුගෙන් ග්‍රහ ආවරණය කාල සර්පයෝග බලයද ධර්ම කර්මාධිපති යෝග බලයද වෙශී වොශී උභයචාරී සුනාථා, අනථා, කේදාර යෝග බලයද මෙකී අවස්ථාව තුළ ක්‍රියාත්මක කෙරෙනා සුළු වෙයි.

බ්‍රහස්පති මිත්‍රශීලීවද බුධ සිකුරු සමවද උදා වෘශ්චික රාශි සටහන තුළින් විනිවිදව පෙනී යන්නෙකි. ප්ලුටෝ, කේතු මිත්‍රශීලීවද සෙනසුරු සමවද දෙවැන්න වූ ධනස්ථානගතවද වක්‍ර නැප්චූන් නීචව 04 වැන්නේ ද වක්‍ර යුරේනස් සමව 06 වැන්නේ ද

මිත්‍රශීලී රාහු අට වැන්න වූ මෘත්‍යුස්ථානගතවද සතුරුවූ අඟහරු අයස්ථානගතව 11 වැන්නේ ද නීච රවි ද සම වූ චන්ද්‍රයාද වැය ස්ථානය වූ 12 වැන්නේ තැන්පත් වීම ද යෙදී ඇත.

ලෝකායතන ඡ්‍යොතිෂයට අනුව දෙස් විදෙස් රාජ්‍යයනට මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයනට ද ජන ජීවිත සඳහා ද උඩුයටිකුරුවෙමින් උණුසුම් ගිනියම් වී යාමකට බෙහෙවින් ඉඩකඩ ඇත. මහා මැතිවරණ උණුසුමක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට නැඹුරු වී යාමත් 2020 වර්ෂය මැද අග භාගය තෙක් කල්ගතවීමක, පෙර නිමිතිද වර්තමානය තෙක් යටපත්ව ඇතිවීමක් ද විද්‍යාමානව පවතිනු ලබයි. ලග්නාධිපති 11 වැන්නේ සතුරු වීමද කාල සර්ප යෝග බලයද උදා රාශිගත රවි නීචය සමග චන්ද්‍රයා සංයෝගවීම අතිශය මන්දගාමී බවක් නිර්මාණය වන්නෙකි.

07 පිටුවට...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.