ආරක්ෂක මන්ත්‍ර

සැප්තැම්බර් 27, 2024

 

දුටුගැමුණු රජතුමා නිතර භාවිත කළ ගාථා රත්නය

 

නමෝ සිං සිං සිද්ධිං දසමාර පරාජ සම්බුද්ධ බෝධි රාජ යේස්වාහඞ
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝස යුං දේවගනා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං
ඕ ඉෂ්ඨ ප්‍රවර සර්වකාම රූප ජලතලාරූඪ ඉන්ද කසනීයඞ

නමෝ ආඝෝර සරස්වතී දිෂ්ඨි නමෝ සර්ව මුඛ රංජනී
සර්ව භය විනාශාය නමඞ
නමෝ සිද්ධ සීවලී රාජා පඨවියා
සබ්බතෝ මේව ආකාසේ උදකේන

නේවි යං යං හං සං සබ්බේ තම්පි සාරේමි
සබ්බ ලාභා උපෙන්තු මේ


ප්‍රයෝජන - ලාභ, කීර්ති, ප්‍රශංසාවලට, නඩුහබ දිනීමට, අනවින රුවීමට, අපලවලට ගමනක් යන විට, නිවාස ආරක්ෂාවට, තරග විභාගාදියට යෝග්‍යයයි.

 

සුරාවෙන් මිදීමට - බලසම්පන්න නාලාගිරි දැහැන

 

මා කුඤජර නාග මාසදෝ - දුක්ඛං හි කුඤ්ජර නාග මාසදෝ
මාචමාදෝ මා ච පමාදෝ - නහී පවත්තා සුගතං වදන්ති
තේන පඤ්ඥේ ච තථා කරිස්සෙසි - සේනක්වං සුගතිං ගංජඩි

 

ක්‍රමය -

තමන් නා පිරිසුදු වී තෙරුවන් නැමද පේ වී මල් පහන් පුදා අනතුරුව පුටුවක පූජාසනයක් සාදා මල් බුලත් තබා එහි නාලාගිරි දමනය දැක්වෙන පින්තූරයක් තබන්න. දැල් වූ පහනක් ද එවේලේ සිඳගත් තෙල් බෝතලයක් ද තටුව මත තබන්න. තමා විසින් සකස් කරගත් තුන් නූල බෝතලයේ දවටා නූලේ කෙලවර අල්ලාගෙන කරණීය මෙත්ත සූත්‍රය 108 වරක් කියන්න. අනතුරුව ඉහත සඳහන් ගාථාව 108 වරක් ජප කොට ආතුරයාගේ හිසෙහි තෙල් ගල්වන්න ආහාරයට ගන්නා කෑමටද තෙල් ස්වල්පයක් එකතු කරන්න. දිනපතා එසේ කළ යුතුයි. තෙල් අවසන් වන විට සුරාවෙන් මිදෙනු ඇත.

 

සර්ප විෂට

සබ්බාපි විසජාතීනං දිබ්බ මන්තා ගදං විය
යන්නා සේසි විසං ඝෝරං සේ සඤ්චාපි පරිස්සයං
ආනක්ඛෙත්තම්හි සබ්බත්ත සම්පදා සබ්බ පාණීනං
සබ්බ සෝපි විනාසේති පරිත්තං තං භණාමහේ

මේ ගාථාවලින් සර්ප විෂට, බලු විෂට 21 වර මතුරන්න. පිළිස්සුණාට

පනම් පෙති ඉස්ම මතුරා ගාන්න.

 

කුරුමිණියන් කනවාට

යස්සානු භාවතෝ යක්ඛා නේව දස්සෙන්ති හිංසනං
යම්හි වේවානු යුඤ්ජන්තෝ රත්තීනදිව මතන්දිනෝ
සුඛං සුපනි සුත්තෝ ච පාපං කිඤ්චි න පස්සති
ඒවමාදි ගුණෝපේතං පරිත්තං තං භණාමහේ

 

පොල්ගස් කුරුමිණියෝ කනවාට තල කොළේ ලියා ගසේ තබනු. වී පෙට්ටියට (අටුවට) තල කොළේ ලියා දමනු. වෙනත් සතුන්ගෙන්ද ප්‍රවේශම් වේ.

 

බඩු සොරා ගන්නවාට

යස්සානුස් සරනේතාපි අන්තලික්ඛේපි පානිනෝ
පතිට්ඨත්ති ගච්ජන්ති භුමියා විය සබ්බධා සබ්බු පද්දව
ඡාලම්හා යක්ඛ චෝරා සම්භවා ගණිනා නව මුත්තානං
පරිත්තං තං භනාමහේ

තමන් පරිහරණය කරනා බඩුවල ඉහත සඳහන් ගාථාව කොළයක ලියා තබනු සොරු නොගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.