වෘශ්චික ලග්නයට හිමි රැකියා

නොවැම්බර් 4, 2022

වෘශ්චික ලග්න හිමියාගේ දහවැන්නාධිපති රවි වේ. රවි ග්‍රහයා රජය නිවේදනය කරයි. දහවැන්නාධිපති බලවත් නම් රජයට සම්බන්ධ රැකියා හිමි වේ. ලග්නය හා දහවැන්න තිර රාශියක් බැවින් ස්ථිර ආදායම් ලබන, ස්ථිර රැකියාවක් හිමි වේ.

වෘශ්චික ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති කුජ සහ දහවැන්නාධිපති රවි ගැන බැලිය යුතුයි. වෘශ්චික රාශිය ආපෝ ගුණයෙන් යුත් තිර රාශියකි. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි නිර්භීත බව, ඥානවන්ත බව නොයෙක් ක්‍රියාවන්හි දක්ෂ බව මොවුන්ට සහජයෙන්ම ලැබී ඇත. ශල්‍ය වෛද්‍යවරුන් රහස් පරීක්ෂකයන්, කරණවෑමියන්, සතුන් මැරීම වැනි වෘත්තීන් වෘශ්චික ලග්න හිමියන්ට උරුම වේ.

 

වෘශ්චික ලග්න හිමියාගේ දහවැන්නාධිපති රවි වේ. රවි ග්‍රහයා රජය නිවේදනය කරයි. දහවැන්නාධිපති බලවත් නම් රජයට සම්බන්ධ රැකියා හිමි වේ. ලග්නය හා දහවැන්න තිර රාශියක් බැවින් ස්ථිර ආදායම් ලබන, ස්ථිර රැකියාවක් හිමි වේ. දහවැන්නේ සිටින ග්‍රහයන් අනුවත් දහ වැන්න අධිපති ග්‍රහයා සිටින තැන අනුවත් නියෝජනය කරන නැකත අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. දහවැන්නේ සිටි ග්‍රහයා ශුභයෙකු වෙතොත් හොඳ රැකියාවන් හිමි වේ.

කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතුගේ පිහිටීමත් වෘශ්චික ලග්න හිමියාගේ රැකියාව තීරණය වීමේ දී බලපායි. රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා නියෝජනය කරන නැකතත් නැකත් හිමියාගේ පිහිටීමත්, නැකත් පාද ගණනත් ඒ පාද ගණනට හිමි වෘත්තීය අයිතියක් ජන්මියාට හිමි වේ. අමතර වෘත්තීන් මතු කරගත් ජන්මියා එකවර ආදායම් මාර්ග දෙක තුනක් ලබයි. ජන්ම කේන්ද්‍රයේ දහවැන්න හා දහවැන්නාධිපතියා සමඟ රාහුගේ සබඳතාවයක් වේ නම් රැකියා තත්ත්වයන් වරින් වර වෙනස් වීමට හැකි වේ.

සෑම ලග්න හිමියෙකුටම වගේම වෘශ්චික ලග්න හිමියාටත් උසස් රැකියාවක් සඳහා අධ්‍යාපන තත්ත්වය බලපායි. වෘශ්චික ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බැලීමේ දී ලග්නාධිපති කුජගේ බලයත් අධ්‍යාපන කාරක වන බුධගේ බලයත් පස්වැන්නාධිපති වන ගුරුගේ බලයත් බැලිය යුතු ය. මොවුන්ගේ බලය වැඩි වූ විට උසස් අධ්‍යාපන තත්ත්වයක් හිමි වේ. මොවුන්ගේ බලය අඩු වූ විට අධ්‍යාපනයට බාධා ඇති වේ. එවිට ජන්මියාට උසස් රැකියාවක් කිරීමට අසීරු වේ. ඉගෙනීම වගේ ම ජන්මියාගේ මානසික තත්ත්වයත් ශාරීරික තත්ත්වයත් බැලිය යුතු ය. මේ සියල්ලම ශුභ වූ ජන්මියාට උසස් රැකියාවක් හිමි වේ.

වෘශ්චික ලග්න හිමියාගේ ජන්ම පත්‍රයේ කර්මස්ථානාධිපති වන රවිගේ පිහිටීමත්, රවි සිටින රාශියත් ලග්නාධිපති වන කුජගේ පිහිටීමත්, කුජ සිටින රාශියත් කර්ම පාලන ග්‍රහයන් වන රාහු කේතුගේ පිහිටීමත්, අධ්‍යාපන කාරක බුධගේ පිහිටීමත් පස්වැන්නාධිපති වන ගුªරුගේ පිහිටීමත්, සිතුවිලි ගැන බලන සඳුගේ පිහිටීමත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් නියෝජනය කරන නැකතත් අනුව වඩාත්ම බලවත් ග්‍රහයාට හිමි රැකියාව වෘශ්චික ලග්න හිමියාට උරුම වේ.

 

චතුරිකා දිල්හානි ගමආරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.