වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම
අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී.
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත.
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත.
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ.
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා
මාදින්නාගොඩ
෴ සබැඳි ලිපි ෴
චිත්ත බලයෙන් හා කිසියම් ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයකින් සිත පාලනය කර මළවුන් සමඟ රහස් කතා කර විවිධ භූත රෝගවලට පාත්‍ර වූ රෝගීන් සුවපත් කරන තලල්ලේ රාජිකා වෙද...
2024-09-12 18:30:00
ළිඳ සහ ආශි‍්‍රත කූප ශාස්ත්‍රීය පසුබිම ළිං, වැව්, පොකුණුූ ජලය පිළිබඳ හෝඩුවා ගෙන දෙන ඉපැරණි විධිමත් ශාස්ත්‍රීය ක්රමවේදයකි. ගම්බද පැල්පතේ සිට නාගරික...
2024-09-12 18:30:00
සම් ගෙඩි නැසීමටසර්ව විෂාදි තෛලය බෙල්ලේ හා පොල් තෙල් පහනකින් රත් කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය, අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම්...
2024-09-12 18:30:00
ශ්‍රී ලංකාවේ 2024 සැප්තැම්බර් 21 වැනි දින පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනෙකු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුගේ නම් වැඩිපුර...
2024-09-12 18:30:00
හස්ත රේඛා පරික්ෂාවකදි වැඩි පිරිසක් අසන කාරණා අතර යම් කිසි ධන ලාභයක් හෝ ලොතැරැයි දිනුම් ඇදීමක් තමන්ට හිමිද වැනි කාරණා ප්‍රධාන වන අතර මේ සම්බන්ධ විවිධ...
2024-09-05 18:30:00
ඉහත මාතෘකාව යටතේ සුබසෙත පුවත්පතට මේ ලිපිය ලිවීමට මා හට අදහස් පහළ වූයේ තිස්ස පේ්ර්මසිරි මහතා විසින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ්. කෙනඩි...
2024-09-05 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමකින් සරසා රටෙහි කීර්තිය ඉහළ නැංවූ තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳවය. ඒ අන්...
2024-09-05 18:30:00
ආදි මානවයාගේ සිටම ඉර, හඳ සහ තරු රටා පිළිබඳ විවිධ වූ නිර්ණායක ඔස්සේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරනවා. මිනිසුන්ගේ විශ්වාසයන්ට...
2024-09-05 18:30:00
විවාහයක් සඳහා කේන්දර සටහන් ගැළපීමේදී විසි පොරොන්දම්වලට අමතරව දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් දෙකෙහි ගැළපීම් ගැන ද බැලිය යුතුය.බොහෝ කේන්ද්‍රවල විවිධ...
2024-09-05 18:30:00
කිවි, ගුරු පුත්‍ර, අසුර ගුරු, ශුක්‍ර, මාලවී යනා දී නම්වලින් සිකුරු ග්‍රහයා හඳුන්වයි. සිකුරු ග්‍රහයාට අයත් සිකුරාදා දින අධිපති වන්නේ ශුක්රය....
2024-09-05 18:30:00
නැණ නුවණට අධිපති ගණපති දෙවියන්ගේ මෙන්ම සාහිත්‍ය හා දර්ශන කලා යන සකල විධ විද්‍යාවන්ට අධිපතිනිය වන සරස්වතී මෑණියන්ගේත් ආශීර්වාදය ලබාගෙන ඔබේ දරුවන්ගේ...
2024-09-05 18:30:00
තාරකා දිහා බලා අනාවැකි පැවසීම චිරාත් කාලයක් සිට පැවත එන්නක්. මෙසේ අනාවැකි පළ කරන පෙරදිග අපරදිග අනාවැකිකරුවන් ගැන අප අසා තිබෙනවා. පුද්ගලයන්ගේ...
2024-08-29 18:30:00
එකල කොණ්ඩදෙණිය මුළු ගමටම තිබුණේ උළු සෙවිලි කළ ගෙවල් කිහිපයක් පමණි. එයිනුත් ව්‍යාපාරික කටයුතු සිදු කොට මහව නගරයේම ජනප්‍රිය තොග වෙළෙන්දකු වූ අර්නෝලිස්...
2024-08-29 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ සිංහ රවි 14 භාග නිකිණි අව දොළොස්වක තිථිය ලත් කවිදින සිට එම රවි 20 භාග බිනර පුර දියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ...
2024-08-29 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-08-29 18:30:00
මනුෂ්‍යයකුගේ භාග්‍යය ප්‍රකාශ කිරීමේදී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත ග්‍රහයෝම හුදෙක් ප්‍රධාන වෙයි. කෙනකුගේ හස්තයේ උත්පත්තියේදී රවි...
2024-08-22 18:30:00