අත් බෙහෙත්

සැප්තැම්බර් 13, 2024

 

සම් ගෙඩි නැසීමට

සර්ව විෂාදි තෛලය බෙල්ලේ හා පොල් තෙල් පහනකින් රත් කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය, අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම් ගෙඩිවල ගාන්න.

සහිඳ ලුණු, වියළි ඉඟුරු, වැල්මී, තිප්පිලි සමව ගෙන මී පැණියෙන් අඹරා සෙම්ගෙඩිවල ගාන්න.

ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඇඹුල් දොඩම් යුෂ සමඟ මිශ්‍ර කර උගුර මැද සෙම අරින්න.

පුරුෂ වශියක්

මන්ත්‍රය

ඕං හී‍්‍රං කදිරස්වාමියානේ දිෂ්ටි දිෂ්ටි ඕං හී‍්‍රං මහකාලි දිෂ්ටි දිෂ්ටි ඕං හී‍්‍රං ඉන්ද්‍ර දේවතා දිෂ්ටි ඕං හී‍්‍රං විෂ්ණු බල කන්දස්වාමි මිත්‍රජය ශි‍්‍රයා බන්ධ බන්ධ ඒ ස්වාහඞ

ක්‍රමය :–

පළමුව ශුද්ධ ස්ථානයක මල් යහන තනා එහි නොඉඳුල් තැඹිලිතෙල් අලුත් මැටි පහනක් බුලත් රත් සඳුන් මල් පස්වර්ගයක් පඬුරු සල්දුම්මල, කහ දියර සඳුන්, රසකැවිලි පහක් යන දෑ තබා වුවමනා අයගේ රුවත් නමත් බෝපතක ලියා යහනේ තබා ඉහත සඳහන් මන්ත්‍රයෙන් 108 වර මතුරා සුරයක ලා ගෙල පැලඳ හමුවෙන්න වශී වේ. එසේ නොඉඳුල් තැඹිලි තෛලය 108 වර මතුරා වුවමනා අයට ඉසින්න. කවන්න. මේ ගුරුකමට ඉතා පිරිසුදුව සියලු කිළි කුනෙන් වැළකී හිඳ පටන් ගන්න. තවද සල්දුම්මල මේ ගුරුකමට මතුරා ගන්න. තැඹිලි මතුරා පානය කර තමන් කැමති පුරුෂයා සමඟ කතාකර ගන්න වුවමනා කරුණ ඉෂ්ට වේ.

මදුරු කරදරයෙන් නිදහස් වෙන්න

වලගසාල්, අරළු, බුලු, නෙල්ලි, ලාකඩ, බදුල්ල ඇට, උක්හකුරු, වරාකොළ

මේවා සියල්ල සමබර ගෙන කොටා කුඩුකරගෙන සවසට නිවෙසේ දුම් ඇල්ලීමෙන් මූෂික, මදුරු, කුරුමිණි වැනි සතුන් මුලින්ම දුරු වේ.

වස විෂ කැවුණු විට

පොල්කිරි, උක්පැණි, දෙහි ඇඹුල්, මිශ්‍රකර රෙදිකඩකින් පෙරා බොන්ට දෙනු. වමනය වී සුව වෙයි.

ගෝනුසු විෂට

තෝර කොළ, දියලුණු සමව ගෙන කොටා මලවා කෑ මුඛයේ බදිනු

හොරි, දද, කුෂ්ටවලට

මනෝසීල, හිරියල්, ගම්මිරිස්, අබතෙල් මේවා සමව ගෙන අඹරා ආලේප කිරීමෙන් දද කුෂ්ට සුව වේ.

ශාන්ති කර්ම ගුප්තවිද්‍යා

එස්.ටී. එස් ද සිල්වා 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.