කලාකාමී සිත නැකත් හිමියෝ

ජුනි 14, 2024

පුත්‍ර දාර යුත සතු ෂෙටා ධන ධාන්‍ය සමාන්විතඞ

දේව බ්‍රාහ්මණ භක්තශ්‍රව විත්‍රායාංජඞ යතෙනරඞ

සිත නැකතින් උපන්නේ නම් සෞන්දර්ය අංශයට විශේෂයෙන්ම සංගීතයට පි‍්‍රය වේ. සිත් ඇද ගන්නාසුලු බාහිර පෙනීමෙන්ද යුක්ත වේ. අන් අයට වඩා කැපී පෙනෙන කඩවසම් සිරුරක් හිමිය. තරමක් දුරට කාමාධිකයි. තමාට අවශ්‍ය වන්නාවූ යම් දෙයක් වේ නම් හොඳින් හෝ නරකින් ලබා ගැනීමේ මානසිකමය හැසිරීමක්ද තිබේ. ජනපි‍්‍රය වේ. මාධ්‍යකරුවෙක් විය හැකිය.

ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට, පුවත්පත් කලාව වැනි කලින් කලට ඔබින රටාවන්ට හුරු වේ. වෙනස්වන ලොවකට හරියටම හරියන්නේ ද සිත නැකත් හිමියාය. ඍෂිවරුන් ප්‍රකාශිත සිත නැකත තුන්කල්හිම උපදින අය සිත නැකතින් ජන්මලාභය ලැබුවේ නම් එදාට පවතින ඕනෑම දෙයකට විශේෂයෙන්ම රැකියාවන්ට යොමු වීමේ දක්ෂතාවය ඇත.

සුළු දෙයට වඩා විශාල දේවල් ගැන සිතයි. තීක්ෂ්ණ නුවණක් හිමිය. හදිසි කේන්තිකාරයෙකි. ඉක්මනින්ම නිවේ. වරද ගුප්තව පිළිගනී. ආධ්‍යාත්මික අංශයට නැඹුරු වුවත් නපුරු ගතිද නැත්තේම නොවේ. හමුදා අංශයට කදිමට ගැළපේ. කුමන ආකාරයකින් හෝ හැකි ඉක්මනින්ම උසස් සමාජ තත්ත්වයකට පත්වේ. මොහුගේ ඉතාම නරකම දුර්වලකමකි අන්‍යයන් හෙළා දැකීම. සීමිත පිරිසක් සමඟ මිත්‍ර වේ. එහෙත් තමාට ගැළපෙන අය තෝරා ගැනීමට කල් ගත වේ. කෙනෙකුගෙන් තමාට උපකාරයක් ලැබුණ විට එයට ස්තුති කිරීමටද ප්‍රමාද වන බවක් පෙනේ.

පෙම් සබඳතාවන්ට එතරම් පි‍්‍රයක් නොදක්වයි. සමහර විට මුදල් මතම දෛනික කටයුතු කරන්නට පෙලඹේ. නිතරම රැකියා වෙනස් කරනසුලුය. වැඩිපුර අතමිට සරුසාර වෙන සේ මුදල් ලැබුණහොත් ඒ පැත්තට හැරෙන බවද පැහැදිලිය.

සිත නැකැත් හිමියන් වඩාත් පෙම් සබඳතාවලට යොමු වන්නේ සීමිතවය. ඕනෑවට වඩා පෙම් සබඳතාවලට යොමු නොවූවත් ඒ පිළිබඳව වැඩිපුර සැලකිල්ලක්ද දක්වන බැව් පැහැදිලි ය. විවාහයෙන් පසු කාලයේ තම උත්සාහයෙන් දියුණුවට පත්වේ. දූදරුවන්ට පි‍්‍රයමනාප වී ඒ අයට හොඳින් උගන්වා සමාජයේ ඉහළ තත්ත්වයට ගෙන ඒමට ඔහු උත්සාහ කරන්නේය.

සමාජසේවාවලට එතරම් පි‍්‍රයමනාප ගතියක්ද නොදක්වන අතර හුදෙකලාව තමාගේ වැඩකටයුතුවල පමණක් යෙදීම සිරිතකි. අන්‍යයන්ව අනිසි ලෙස රවටා වැඩ කිරීමට නොයයි. හැකි සැම විටම අන්‍යයන්ට උදව් කරන්නේය.

වයස 24 සිටම රැකියාවකට යෑමට මොහු උත්සාහ කරයි. රැකියාවක් කරන අතරතුර ඉගෙනීම නවත්වන්නේ නැත. හැමදාම ඉගෙන ගන්නා චරිතයක්ද වේ. විවිධ භාෂා ප්‍රගුණ කරන්නෙක්ද වන්නේය. විදේශගත සබඳතා ඉක්මනින්ම ගොඩනඟා ගනී. රැකියාවන්ද වරින්වර මාරු කරන බවද පෙනේ. එක රැකියාවකින් අස්වී වෙනත් රැකියාවකට බැඳීමට ඕනෑවටත් වඩා සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය නිතැතින්ම ප්‍රගුණ කරන්නෙක්ද වන්නේය. ව්‍යාපාරික කටයුතුවලටද දක්ෂ වේ. ඉතාම කුඩා වෙළෙඳ ව්‍යාපාරික කටයුත්තක් අරඹා කලකදී එය වර්ධනය කර ගැනීමට සමත්ය. අත්දැකීම් හරහා වැඩ කරයි. පුවත්පත්කලාව, ගුවන්විදුලිය, සිනමාව, ටෙලිවිෂණය වැනි මාධ්‍ය අංශයන් තාක්ෂණික අංශයෙන් විශාල ලෙස දක්ෂතා ඇති කර ගනී.

අලුත් අලුත් නිර්මාණ කටයුතුවලට අතිශයින්ද දක්ෂ වේ.

යම් කාන්තාවක් සිත නැකතින් උපන්නේ නම් ඇය ඉතාම ප්‍රසන්න රූමත් හැඩැති ඇගේ බාහිර ලක්ෂණ නිසා දුටු දුටුවන් වහා වසඟයට පත්වන බව පෙනේ. විසිතුරු ආභරණවලින් සැරසි සිටීමට කැමතිය. ලෞකිකමය සැප සම්පත්වලට ගිජු බවක් දක්වන්නීය. පැරණි කාලයේ නම් සිත නැකත් හිමි කාන්තාවන් රූපලාවණ්‍ය හැඩ ගැස්සවීම්, මනාලියන් සැරසීම් ලස්සන කිරීමට දක්ෂ වේ. වත්මන්හි නව ලොවට ගැළපෙන බියුටි සැලුන් අරඹන්නීය.

හැඩ වැඩ දැමීමේ කලාවේ දක්ෂතා ඇති වේ. ගති ගුණ යහපත් වන්නේය. සිත නැකතේ තුදුස්වක තිථියක උපත ලැබීමද තරමක් අසුබ වේ. සමහර විට විවිධ සබඳතාවන් වහා ගොඩ නැඟේ.

සිත නැකතට අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ සුබ වේ. පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, අසුබ වන්නේය.

සිත නැකතින් දැරියක් මල්වර වූයේනම් ඇය ඉතාම වාසනාවන්තයි. පී‍්‍රතිමත් දිවියක් ගත කරන්නීය. රාගාධික පෙනීමක් ඇතිවේ. කලාවට ඉතාම දක්ෂයි. යුගදිවිය වාසනාවන්ත වේ. පංච මහා සම්පත් හිමි දාරක සම්පත් හිමි වන බැව් දැක්වේ.

1. වැනි පාදයෙන් නම් පේ‍්‍රමය නිසාම යුගදිවිය සරුකර ගනී. වාසනාවන්ත වේ.

2. වැනි පාදයේ නම් නොගැළපෙන සබඳතා ගොඩනැඟේ. හදිසි තීරණ ගනී.

3 වැනි පාදයේ නම් උසස් අධ්‍යාපනයක් ලබා රාජ්‍ය රැකියාවන්ට යොමුවේ.

4. වැනි පාදයේ නම් ජීවිතය තේරුම් ගෙන අනාගතය සාරවත් කරගන්නීය. විවාහයේදී තරමක ගැටලු පැන නඟී. සමහර විට වෙනත් ඇසුරුකමකටද පත්විය හැකි වන්නේ ග්‍රහ හැසිරීම් රටාව අනුවයි.

සිත නැකත හිමි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අධිසංවේදී චරිතයන් වේ. මනාව වූ භක්තියකින් දෙනික වැඩකටයුතු කිරීමට යාමෙන් විශාල ලෙස පාඩු සිදුවේ. එය තරමක දුබලකමක් විය හැකිය. ඕනෑවට වඩා නම්‍යශීලි වීමෙන් අන්‍යයන් කපටි අය තමන්ගේ වැඩකටයුතු අනිසි ලෙස කර ගැනීමට මාන බලයි. කලාත්මක නැකතක් නිසා තමාද බුද්ධිගෝචර වීම අනිවාර්ය වේ.

සිත නැකත හිමියකුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම හා හැසිරීම් රටාව අනුව ගැඹුරින් තොරතුරු සෙවීමේදී අයස්ථානයත්, ධනස්ථානයත්, පුණ්‍යස්ථානයත් නියෝජනය කරන ග්‍රහයින් ඉතාම ඉහළ අගයකින් යුක්තව සුබවාදී, යෝගකාරකීයව ඇත්නම් මැණික් ලෝහ වර්ග මෙන්ම විදේශීය වෙළෙඳපළ සමඟ සබඳතා ගොඩනඟාගෙන ධනය ඉපයීමේ වාසනාවද පාදා ගැනීමට හැකි වේ. භූමිසම්පත් සිත නැකත් හිමියන්ට අයත් නිසා ඒ ගැන විමසිලිමත් වීම වැදගත්ය. මෙහි සඳහන් කරන්නට යෙදුණ කරුණු ඔස්සේ ඔබ සිත නැකතේ ඉපිද ඉතාම බලවත් ධන යෝග සහිත ග්‍රහ පිහිටීමක් කේන්ද්‍රය තුළ තිබේනම් සැලකිලිමත්වන්න. නිකම් සිටියහොත් ධනය හා මූල්‍ය සම්පත් නොලැබේ. ක්‍රමවත්ව උත්සාහ කිරීම අනිවාර්ය වේ. සිත නැකත් හිමි අය එවැනි ක්‍රම හරහා වාසනාව ළඟා කරගත් බැව් මෙහිලා සනිටුහන් කරමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.