එඩිතර ඔබත් සිංහ ලග්න හිමියකුද?

සැප්තැම්බර් 13, 2024

විශ්වයේ අපට දක්නට ලැබෙන සොඳුරුතම නිර්මාණයක් තරු ලකුණු. ඉර, හඳ, තාරුකා දෙස බලා අනාවැකි පළ කිරීම චිරාත් කාලයක සිට පැවත එන්නක්. ග්‍රීක සාහිත්‍ය ඉතිහාසය තුළ මේ අනාවැකි පළ කිරීම් පිළිබඳ ගෙතුණු කතා බොහොමයි.

ඔවුන්ගේ කතා ගෙතුණේම පාහේ අනාවැකියක් මුල් කරගෙනයි. පෙරදිග සාහිත්‍යයේද මෙය නොඅඩුවම දකින්නට ලැබෙනවා. මිනිසුන්ගේ ගතිපැවතුම් ගැන තරු ලකුණු බලා අනාවැකි පැවසීම පසු කාලයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදීන් බිහිවීමට හේතු වුණා. අද තරු ගැන කියන තරු තුළින් කියන්නේ සිංහ ලග්න හිමියන් ගැනයි.

සිංහයන් සේ එඩිතර සිංහ ලග්න හිමියන් දැඩි ආත්ම ශක්තියෙන් යුත්, දියුණු වීමේ තද ආශා ඇති අය වෙනවා. එමෙන්ම ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන නිසාම ඕනෑම දෙයක් යුහුසුළුව කිරීමට දක්ෂයන් වෙනවා. ආගිය තැන ප්‍රධානත්වය දැරීමට සිතන මොවුන් අවසාන මොහොත දක්වාම වෙනස් නොවන සිත නිසා බොහෝ අවස්ථාවල ඒ ප්‍රධානත්වය දැරීමට වාසනාවන්ත වාසනාවන්ත වනවා. දැඩි මතධාරීන්, ප්‍රකට පාලකයන් සිංහ ලග්නයෙන් උපදිනවා. සියුම් කලාකරුවකු වන සිංහ ලග්න ඔබ දියුණු වීමේ කලාව උපතින්ම රැගෙන ආ අයෙකු වන අතර ඒ නිසාම ඔබට දක්ෂ පාලකයෙකු වීමටත් හැකියාව තිබෙනවා.

පුරුෂ රාශියක් වූ සිංහ ලග්නයෙන් බොලිවුඩ් සිනමා තරු රැසක් ජන්මය ලබා තිබෙනවා. එහිදී සංජයදත් කියන්නේ කාලයක් හින්දි සිනමාවේ වීරයෙක් වගේම ප්‍රේමවන්තයෙක්. 90 දශකයේදී සංජය දත් රංගනයෙන් දායකත්වය ලබා දුන් චිත්‍රපට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තේ බොලිවුඩ් සිනමාවට ඔහු නැතුවම බැරි චරිතයක් බවට පත්කරමින්.1959 ජූලි 29 වැනි දින සංජයදත් ජන්මය ලබන්නේ සිංහ ලග්නයෙන්. ඔහු නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන සුනිල් දත්ගේ ආදරණීය පුතුණුවන්. දත් සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද රොකී චිත්‍රපටයෙන් . සාජන්, කල් නායක් ආදී චිත්‍රපට තුළින් ඔහු බොලිවුඩයේ දිදුළන තරුවක් වුණා. මෙසේ සියුම් කලාකරුවකු ලෙස ඉන්දීය සිනමාවම ආක්‍රමණය කරන්නට ඔහු ජන්මය ලද සිංහ ලග්නය භාග්‍යක් වූ බව ඉන්දියානු ඡ්‍යොතිෂවේදීන්ගේ මතයයි.

ඉන්දියානු සිනමාව තුළ නර්ථනයෙන් දස්කමි පෑ ශ්‍රී දේවී ජන්මය ලබන්නේ 1963 අගෝස්තු 13 වැනිදා සිංහ ලග්නයෙන්. දෙමළ චිත්‍රපටවල රංගනයෙන් ඉදිරියට එන ශ්‍රී දේවි ඉතා කෙටි කලකින් හින්දි සිනමාව ද ජය ගන්නවා. එවකට හින්දි සිනමාවේ සුපිරි නිළිය වන රේඛා හා කරට කර රංගනයේ යෙදුණු නිළියක්. තෙළිඟු, හින්දු, මලයාලම්, කන්නඩ භාෂිත චිත්‍රපටිවල දරගපෑ ඉන්දියානු නිළියක්. 2013 දී ශ්‍රී දේවී රටේ සිව්වැනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇගේ නාගීන්, ගුරු, ඉන්ගිලිෂ් වින්ගිලිෂ් යනාදී සිනමාපට තුළින් දකින ප්‍රතිභාපුර්ණ රංගනය ඇයට උරුම වුණේ සිංහ ලග්නය නිසා බවයි විශ්වාස කරන්නේ.

ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක වූ කාජල් ද සිංහ ලග්නයෙන් 1974 අගෝස්තු 05 වැනි දින ජන්මය ලබනවා. සිංහ ලග්න හිමියෙකුට ආවේණික වූ පිරිපුන් දේහයක් සතු ඇගේ ඉන්දීය සිනමා ආගමනය සිදුවන්නේ බාසිගර් චිත්‍රපටයෙන්. ෂාරුක්ඛාන් සමඟ රඟපෑ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ, කුච් කුච් හෝතාහේ, කබි කුශි කබි ගම්, කල් හෝ නාහෝ යනාදී චිත්‍රපට තුළින් ඇගේ ප්‍රතිභාපූර්ණ රංගනය දකින්නට ලැබුණා. ජ්‍යෝතිෂවේදීන් කියන්නේ සිංහ ලග්නයෙන් උප්පත්තිය ලැබූ ඇගේ ජන්ම පත්‍රය ඉතාම බලසම්පන්න එකක් බවයි.ඒ නිසාම ඇයට පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නට හැකිවූ බව ඔවුන්ගේ මතයයි.2011 වසරේදී ඇයට ද ඉන්දීය රජය විසින් ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා.

1970 අගෝස්තු අගෝස්තු 16 වැනි දින උපත ලද සයිෆ් අලී ඛාන් සිංහ ලග්න හිමියකු බව ඔබ දැන සිටියාද? ඉන්දියානු නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයකු වන සයිෆ් අලී ඛාන් ජනප්‍රිය නිළි ශර්මිලා තාගෝර්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලී ඛාන්ගේ පුත්‍රයායි. ඔහු ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම් ෆ‍යොර් සම්මාන හතක් ඇතුළුව සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා. සිංහ ලග්න හිමියෙකුට ආවේණික පළල් උරහිස්වලින් යුත් වැඩුණු ශරීරයකට හිමිකම් කියන සායිෆ්ගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට සිංහ ලග්නය බලපෑ බව ඔහුගේ විශ්වාසයයි.කල් හෝ නා හෝ, තර රම් පම් ඔහුගේ චිත්‍රපට අතර වෙනවා.

ජැක්ලින් ෆර්නැන්ඩ්ස් ද 1985 අගෝස්තු 11 වැනි දින ජන්මය ලබන්නේ සිංහ ලග්නයෙන්. 2006 වසරේ විශ්ව රූ රැජිණ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් දා සිට මේ ශ්‍රී ලාංකික සුරූපිනිය දෙස් විදෙස් හදවත් දිනා ගන්නවා. ඇය බොලිවුඩය ජය ගන්නේ මර්ඩර් 2, හවුස්ෆුල්2, බර්දර්, රේස් 2 චිත්‍රපටවල ඇගේ රංගන කෞශල්‍යය නිරූපණය වෙනවා. අන් අය තමා වෙත ආකර්ෂණය කර ගැනීමේ අපූර්ව ගතියත් කලා කේෂ්ත්‍රයේ දිගු ගමනක් යන්නටත් ඇයට ද සිංහ ලග්නයෙන් ජන්මය ලැබීම වඩාත් උපකාරී වුණා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ සුප්‍රකට නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් අප කවුරුත් අතරවඩාත් ජනප්‍රිය වන්නේ, හැරී පොටර් කතා මාලාව නිසයි. ඉතා කුඩා අවධියේ සිටම විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට තරම් ඔහු භාග්‍යවන්ත වූයේ සිංහ ලග්නයේ ආලෝකය ඔහුට ද ලැබුණ නිසයි. එමෙන්ම වට් ඉෆ්, කිල් යුවර් ඩාර්ලිං චිත්‍රපටවල රංගන කුසලතාව දැක්වූ මොහුට තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නට අවැසි ග්‍රහ රටාවන් සැකසී තිබෙන බව ඡ්‍යොතිෂවේදීන් පෙන්වා දෙනවා.

පොප් ගායන සංස්කෘතියේ ප්‍රධාන නිරූපිකාවක වන මැඩෝනා ද සිංහ ලග්න හිමිකාරිනියක බව ඔබ දැන ගන්න කැමති ඇති. ටයිම් සඟරාව විසින් 20 වැනි සියවසේ බලවත්ම කාන්තාවක ලෙස හැඳින් වූ ඇය ජන්මය ලබන්නේ 1958 අගෝස්තු 16 වැනි දිනක සිංහ ලග්නයෙන්. ඇය ද නිර්ලෝභී ත්‍යාගශීලී හදවතකට හිමිකම් කියන අතර ප්‍රසිද්ධිය ලැබීමට බොහෝ සේ ප්‍රිය කරන්නියක් ලෙසටයි ප්‍රකට.

සිංහ ලග්න හිමියන් සත්‍යවාදිත්වය අගයන, යුක්තිගරුක පුද්ගලයන් වනවා. නායකත්වය උපතින්ම රැගෙන එන මොවුන්ට පිරිසක් පාලනය කිරීමට පමණක් නොව රටක් රාජ්‍යයක් වුව පාලනය කිරීමේ හැකියාවක් ද පවතිනවා. ඒ අතර 1961 අගෝස්තු 4 වැනිදා ජන්මය ලැබූ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා ද සිංහ ලග්න හිමියෙක්. 2009 සිට 2017 දක්වා එක්සත් ජනපදයේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුට දේශපාලන දිවියේ නොමැකෙන සටහන් තබන්නට උප්පත්තියෙන්ම ලැබුණු සිංහ ලග්නයේ ලක්ෂණ උපකාරී වූ බව නොරහසක්.

ඔබත් සිංහ ලග්න හිමියකු නම් ඔබේ ලග්නයේ තිබෙන බලවත්කම් හඳුනා ගෙන උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කළොත් ජීවිත ගමන සාර්ථක කර ගත් ප්‍රකට පුද්ගලයෙකු වන්න ඔබටත් පුළුවන්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.