සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 6, 2024

 

ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 21 භාග බිනර පුර තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 27 භාග බිනර පුර නවවක ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ

කුජ - මිථුන

බුධ - සිංහ

ගුරු - වෘෂභ

ශුක්‍ර - කන්‍යා

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුවපල්

කුජ - මුවසිරස ( 06 දා දවල් 11.59 අද)

බුධ - මා

ගුරු - මුවසිරස

ශුක්‍ර - හත

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

පෝය

සැප්තැම්බර් 10 අඟහරුවාදා රාත්‍රි 11.10න් පුර අටවක ලබා 11 බදාදා රාත්‍රි 11.44න් ගෙවේ. 11 බදාදා සිල්.

 

චන්ද්‍ර චාරය

06දා රාත්‍රි 11.01 තුලා

09දා දහවල් 11.27 වෘශ්චික

11දා රාත්‍රි 09.18 ධනු

 

දිනූ තත්ත්ූවය

සැප්තැම්බර් 06 සිකුරාදා

සිංහ රවි 21 භාග බිනර පුර තියවක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.15 හත නැකත උදේ 09.26න් ගෙවී සිත නැකත ලබයි. බිනර පුර තියවක තිථිය සවස 03.03න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. ශුභ්‍ර යෝගය රාත්‍රි 10.15න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 01.43න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.03න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - ගිනිකොන

යෝගිනි - ගිනිකොණ

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 07 සෙනසුරාදා

සිංහ රවි 22 භාග බිනර පුර ජලවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.15 සිත නැකත දවල් 12.34න් ගෙවී සා නැකත ලබයි. බිනර පුර ජලවක තිථිය සවස 05.38න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය රාත්‍රි 11.16න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. වණිජ කරණය අලුයම 04.22න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 05.38න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - නැඟෙනහිර

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 08 ඉරිදා

සිංහ රවි 23 භාග බිනර පුර විසේනිය ලත් රවිදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.14 සා නැකත සවස 03.30න් ගෙවී විසා නැකත ලබයි. බිනර පුර විසේනිය තිථිය රාත්‍රි 07.58 න් ගෙවී පුර සැටවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය දවස පුරාම යෙදී පවතී. බවකරණය උදේ 06.52න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 07.58න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - උතුර

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 09 සඳුදා

සිංහ රවි 24 භාග බිනර පුර සැටවක ලත් සඳු දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.14 විසා නැකත සවස 06.02න් ගෙවී අනුර නැකත ලබයි. බිනර පුර සැටවක තිථිය රාත්‍රි 09.52න් ගෙවී පුර සතවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය අලුයම 12.04න් ගෙවී වාරියන් යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.00න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රි 09.52න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - වයඹ

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 10 අඟහරුවාදා

සිංහ රවි 25 භාග බිනර පුර සතවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.14න් අනුර නැකත රාත්‍රි 08.01න් ගෙවී දෙට නැකත ලබයි. බිනර පුර සතවක තිථිය රාත්‍රි 11.10න් ගෙවී පුර අටවක ලබයි. වාරියන් යෝගය රාත්‍රි 12.31න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. ගරජකරණය උදේ 10.36න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 11.10න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ලැම

මරු - බටහිර

යෝගිනී - වයඹ

සුබ දිසාව - උතුර

සැප්තැම්බර් 11 බදාදා

සිංහ රවි 26 භාග බිනර පුර අටවක ලත් බුධදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.13 දෙට නැකත රාත්‍රි 09.18න් ගෙවී මුල නැකත ලබයි. බිනර පුර අටවක තිථිය රාත්‍රි 11.44න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. විශ්කම්භභ යෝගය අලුයම 12.29න් ගෙවී පි‍්‍රති යෝගය ලබා එය රාත්‍රි 11.52න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. විෂ්ටිකරණය දහවල් 11.32න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 11.44න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - නිරිත

යෝගිනී - ඊසාන

සුබ දිසාව - උතුර

සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දා

සිංහ රවි 27 භාග බිනර පුර නවවක ලත් ගුරුදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.13 මුල නැකත රාත්‍රි 09.49න් ගෙවී පුවසල නැකත ලබයි. බිනර පුර නවවක තිථිය රාත්‍රි 11.30න් ගෙවී පුර දසවක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය රාත්‍රි 10.37න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. බාලවකරණය දහවල් 11.43න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 11.30න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.