2024/11/06 බදාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 6, 2024

 

ඉර උදාව පෙ.ව. 05.59
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය දහවල් 11.54 - 01.23
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වියදම් අධික කරන දිනයකි.

වෘෂභ

නිතර දැනුම සොයායන මාර්ගවලට සම්බන්ධවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු උදාකරයි.

මිතුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. විශ්වාසවන්ත හමුවීමක් සිදුවීමට ඉඩ ඇත.

කටක

තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. වරින්වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වගකීම් බහුල දිනයකි.

සිංහ

නොසිතූ ගැටලුවකට මුහුණපායි. වරින්වර ඇතිකරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. අවිවේකී දිනයකි.

කන්‍යා

තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. හදිසි ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස්කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේදි දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදුකරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. අතමිට සරුකරන දිනයකි.

මීන

අමතර ලැබීම් සහිත දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.