2024.01.06 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - උදේ 09.20 - 10.48
සුබ දිශාව - දකුණ

 

මේෂ

අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන දිනයකි.

මිථුන

පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතතු උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

සිංහ

නිෂ්ඵල ගමන් යෙදෙන බවක් පෙනේ. මෙතෙක් පැවැති උනන්දුව අඩුවන බවක් පෙන්නුම් කරයි. සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරමින් දවස ආරම්භ කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දේපළ ලැබීමකට හේතු ඇති කරන දිනයකි.

තුලා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

වෘශ්චික

කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අමතර ලැබීම් හිමිකරන දිනයකි.

ධනු

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

කුම්භ

වෙනදාටට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. සමාජයේ කැපීපෙනෙන කටයුතු කීපයක් යෙදේ. අජීර්ණ ආබාධයකින් පීඩා විඳින දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙන් එක්වීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.