2024.01.09 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.25
ඉර බැසීම - ප.ව. 06.09
රාහු කාලය - සවස 03.13 - 04.41
සුබ දිශාව - උතුර

 

මේෂ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ උනන්දුව අඩුව යන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් යෙදෙන දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. තනතුරු මාරුවක් සිදුකරන දිනයකි.

මිථුන

අවිවේකී ලෙස දවස උදා කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑම සිදුවෙයි. වගකීම් බහුල දිනයකි.

කටක

අලුත් බැඳීම් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර හිතමිතුරු ඇසුරට වැටෙන බවක් පෙනේ. මුදල් වියදම් අධික කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙනදෙන දිනයකි.

සිංහ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. නොසිතූ අලාභයක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

කන්‍යා

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. නීතිමය ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

තුලා

නිතර තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ගේ දොර වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. ඇවිදිලි වැඩිකරන දිනයකි.

පැරැණි හිතවත්කමක් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. ඇවිදිලි වැඩිකරන දිනයකි.

ධනු

පැවැති වගකීමකින් නිදහස අත්කරයි. වරින්වර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. දානමය කටයුත්තකට සූදානමක් ඇතිකර ගන්නා දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් අධික කරයි. වෙනදාට වඩා වැඩකටයුතු අධිකවන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. පැවැති සිත්තැවුලක් මඟහැරී යන බවක් පෙනේ. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ මුත්‍රාගත ආබාධයකින් පීඩා විඳීමට සිදුවන බවක් පෙනේ.

මීන

යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන බවක් පෙනේ. විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.