2024.01.15 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 15, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.27 
ඉර බැසීම - ප.ව.  06.12
රාහු කාලය - උදේ 07.55 - 09.23
සුබ දිශාව -  නැඟෙනහිර
 
මේෂ
අසල්වැසි සිත් අමනාපකමක් මඟහැරී යන බවක් පෙනේ. අන් අයට උදව් උපකාර කිරීමට අවස්ථාව උදාකරන දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. 
වෘෂභ 
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අවිවාහකයන්ට සුබදායක දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු යෙදෙන බවක් පෙනේ. 
මිථුන 
දරුවකුගේ අධ්‍යාපනික සැලසුමක් වෙනුවෙන් තීරණයක් ගැනීමට අවස්ථාව උදාකරයි. ස්නායුගත ආබාධයකින් පීඩා ඇති කරයි. වෙනදාට වඩා දුරදිග සිතාබලා කටයුතු කළයුතු දිනයකි. 
කටක 
ගෘහ ජීවිතයේ ගැටලුකාරී බවක් විසඳා ගැනීමට හැකිවෙයි. අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. විවාහ බලාපොරොත්තුවක් ඉටුකරන දිනයකි. 
සිංහ 
අවිවේකී ලෙස දවස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. වගකීම් බහුලකරන බවක් පෙනේ. 
කන්‍යා 
විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇතිකරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. විදෙස් ලැබීමකට පැවැති බාධා මඟහැරී යන දිනයකි. 
තුලා
මෙතෙක් කරගෙන ගිය වැඩ පිළිවලක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අන් අය ඇසුරේදී සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. 
වෘශ්චික 
අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙනදෙන බවක් පෙනේ. නිතර දරුවකුගේ කටයුතු පිළිබඳ පීඩාකාරී බවක් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. 
ධනු 
අන් අය ඇසුරේදී දුරදිග සිතා බැලිය යුතු දිනයකි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි. 
මකර 
ගනුදෙනුවකින් පාඩු සිදුකරන බවක් පෙනේ. වරින්වර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දිනයකි.
කුම්භ 
නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත්කරන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර ප්‍රසිද්ධියට පත්වන දිනයකි.
මීන 
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි. නින්දට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.