2024.01.20 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.15
රාහු කාලය - උදේ 09.24 - 10.53
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීමකින් නිදහස සැලසෙමින් දවස ආරම්භ කරයි. නීති කටයුතුවලට ද සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. දුර ගමනක් යෙදෙන දිනයක් වන අතර අමතර කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සෙම් රෝග බහුල දිනයකි.

මිථුන

ගතට සිතට සැනසිල්ල උදාකරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ කෙනකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා බවක් පෙනේ. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන අතර සමාජයේ ප්‍රසිද්ධියටද හේතු ඇති කරයි.

සිංහ

ඥාතීන් නිසා නොසිතූ ආරවුලකට පැටලීමට ඉඩ ඇත. නිතර තමාට දෝෂාරෝපණයට ලක්වීමට සිදුවේ. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

කන්‍යා

උසස් අධ්‍යාපන කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩිකරයි. පවුලේ සතුට සැනසීම උදාකරන දිනයකි. පැවැති අසනීපකාරී බවකින් සුවය හිමිකරයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල දිනයකි. හිතවතකුගේ උපකාරයක් හිමිවීමෙන් ගැටලු කීපයක් මඟහරවා ගැනීමට හැකිවේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

ධනු

විශේෂ සැලසුමකට අත ගසන බවක් පෙනේ. රැකියාවේ වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාර ලාභ හිමිකරන දිනයකි.

මකර

නොසිතූ වියදමක් දැරීමට සිදුවන කටයුතු කිපයක් යෙදේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. අඹු සැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන දිනයකි.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ දානමය පින්කමකට සහභාගි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.