2024/02/11 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 11, 2024

 

ඉර උදාව පෙ.ව. 06.26
ඉර බැසීම ප.ව. 06.10
රාහු කාලය දවල් 01.46 - 03.14
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

වෘෂභ

වගකීමකින් නිදහස සැලසේ. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

මිථුන

ගේ දොර කටයුතු පිළිවෙළක් ඇති කර ගැනීමට උත්සාහ දරණ බවක් පෙනේ. විශ්වාසය බිඳවැටීමක් සිදු වීමට ඉඩ ඇති දිනයකි. පැරැණි හිතවතකු හමුවීමට කටයුතු සැළසේ.

කටක

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. නිතර ආගමික සහන පතන දිනයකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කන්‍යා

දුර ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත්වන්න. අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරන දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

වෘශ්චික

ඥාති හිතවත්කම් අලුත් කරන දිනයකි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බවක් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

ධනු

පැවැති උදාසීන ගති මඟහැරී යයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි දිනයකි.

මකර

අමතර වියදම් බහුල කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. සමාජසේවා කටයුතුවල නිරතවන දිනයකි.

මීන

යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතුª කීපයක් යෙදේ. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන දිනයකි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.