2024.01. 17 බදාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 17, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.27 
ඉර බැසීම - ප.ව.  06.13
රාහු කාලය - දවල් 12.20 - 01.48
සුබ දිශාව -  උතුර
 
මේෂ
ස්ථිර අදහස් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. එහෙත් සිතේ චංචල බවක් ද ඇති කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. 
වෘෂභ 
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. එහෙත් වගකීම් බහුල වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. 
මිථුන 
හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. 
කටක 
සැපට නිදාගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමුනොවූ අයකු මුණගැසීමට අවස්ථාව සැලසේ. විනෝදයට සිත ඇදී යයි. 
සිංහ 
ස්ථානගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවෙයි. තරමක කලබලකාරී ගතියකින් කටයුතු කරන දිනයකි. 
කන්‍යා 
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය තමා කෙරෙහි ගෞරවයක් දක්වන බවක් පෙනේ. සිතේ සතුටට කරුණු යෙදෙන අතර, සුළු සුළු ලාභ හිමිකරන මාර්ග යෙදෙන දිනයකි. 
තුලා 
ගමන් බිමන්වලදී කරදර ගෙනදෙන දිනයකි. බලාපොරොත්තුවක් කඩවීම මත සිත්තැවුල් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත පීඩාද අත්කරන දිනයකි. 
වෘශ්චික 
කලකින් හමු නොවූ අයකු හමුවීමට කටයුතු සැලසේ. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. යටපත් වූ මුත්‍රා අමාරුවක් නැවත මතුකරයි. 
ධනු 
තරමක කලබලකාරී බවක් ඇති කරන දිනයකි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. වතුරින් පීඩා ඇතිවිය හැකි දිනයකි. 
මකර 
වෙනදාට වඩා ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවකට හේතු ඇති කරයි. හදිසි මුදල් වැයවීමක් සිදුකරන දිනයකි. 
කුම්භ 
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. 
මීන 
අවිවේකී දවසක් වන අතර සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. එමෙන්ම පවුලේ බැඳීම් වැඩිවන කරුණු කීපයක් සිදුකරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.