2024.01.14 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 14, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.27 
ඉර බැසීම - ප.ව. 06.12 
රාහු කාලය - සවස 04.43 - 06.12 
සුබ දිශාව - දකුණ 
 
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. ඥාති හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. 
වෘෂභ 
පවුලේ බැඳීම් වැඩි කරන දිනයකි. ත්‍යාග පවා හිමිකර ගැනීමට අවස්ථාව සැලසේ. විදෙස් ගත සැලසුමකට අත ගැසීමට යහපත් දිනයකි. 
මිථුන 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් ඉටු කර ගැනීමට මඟ සැලසේ. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. 
කටක 
ගතට සිතට සැනසිල්ල උදා කරයි. තැන්පත් ධනය තරකරගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි. 
සිංහ 
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. 
කන්‍යා 
තීරණ වෙනසක් සිදුකරන බවක් පෙනේ. විදෙස් ගත ඥාතියකුගෙන් උපකරණ හිමිකරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. 
තුලා 
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
වෘශ්චික 
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. 
ධනු 
පවුලේ අය සමඟ දුර ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. 
මකර 
ගතට සිතට පීඩාකාරී දිනයකි. සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා දිනයකි. 
කුම්භ 
ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. 
මීන 
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවේ. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.