2024.01.12 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - උදේ 10.50 - 12.19
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අතමිට සරු කරන මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. නොගැළපෙන ඇසුරට කටයුතු සැලසීමට ඉඩ ඇති බවක් පෙනේ. ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.

මිථුන

නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අලුත්හිතවතුන් දැන හඳුනාගැනීමට අවස්ථා සැලසේ. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. සෙම් රෝග උගුර ආශි‍්‍රත ආබාධ හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. දුරගමනකට සැලසුම් ඇති කරන දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු සිදුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

ලැබීම් අතින් යහපත් දිනයකි. පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ආගමික භක්තිය ඇති කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. සමාජ සේවා කටයුතු කෙරෙහි සිත යොමු කරන දිනයකි.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ.

වෘශ්චික

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතුවලින් පිහිට පතන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හැකිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

ධනු

නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිවෙසට යන එන අයකු සමඟ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

මකර

අවිවේකී වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අමතර වියදම් බහුල දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. පැරැණි හිතවතකු හමුවීමට අවස්ථාව උදා කරයි. මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවලක් වෙනස් කිරීමට අවස්ථාව සැලසේ. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

මීන

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. නිතර පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යටිබඩ ආශි‍්‍රත වේදනාවකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.