2024.01.13 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 13, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.26 
ඉර බැසීම - ප.ව. 06.11 
රාහු කාලය - උදේ 09.22 - 10.50
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
විනෝද චාරිකාවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නිතර අමතර වගකීම් මෙන්ම වියදම් ද බහුල කරන දිනයකි. දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. 
වෘෂභ 
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අන් අයගෙන් පැසසුම් ලැබෙන දිනයකි. 
මිථුන 
ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව උදා කරයි. කණ්ඩායම් වැඩසටහනට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. 
කටක 
විවිධ වරප්‍රසාදවලට හේතු සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායකයි. විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසේ. සිතේ සතුටින් ගත කරන දිනයකි. 
සිංහ 
වෙහෙසකාරී ලෙස දවස උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි. 
කන්‍යා 
ආගමික කටයුතුවලට මුල්තැනක් දෙන දිනයකි. මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යයි. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. 
තුලා 
විශේෂ සැලසුමකට අත ගසයි. ව්‍යාපාරික ලාභ හිමි කරන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වියදම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. 
වෘශ්චික 
වෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇති බැවින් කල්පනාවේ පසුවන්න. සැලසුම් කීපයක් ප්‍රමාද කරන දිනයකි. 
ධනු 
මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ගතට සිතට සතුට සැනසීම හිමිකරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් ලැබීමට ඉඩ ඇත. 
මකර 
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ද හිමිකම් ඇති කරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. 
කුම්භ 
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි. 
මීන 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස්කර ගැනීමට අවස්ථාව උදාකරයි. පැරැණි හිතවත්කමක් අලුත් වන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.